බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් වී. ආර්. සිල්වා මහතා පත් කොට ඇත.
ඊයේ (08) දින ඒ මහතා සිය ධූරයෙහි රාජකාරී බාරගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ මහතා දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් 1976 ශ්‍රී ලංකා යුධ හමුදා ඇතුලු වී යුධ ක්‍රියාන්විත රාජකාරිවල විශාල මෙහෙයක් සිදුකළ අයෙකි.
2009 වර්ෂයේ සිට වසර දෙකක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (ජනරාල්) වරයාද වශයෙන් සේවය කර බන්ධනාගාර පිළිබද විශාල අත්දැකීම් රාශියකට උරුමකම් කියන අයෙකි.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූවේ ලොහාන් රත්වත්ත මහතාය.












