ලෝක ප්‍රකට ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ චිත්‍රපටය පදනම් කරගෙන ඇමේසන් ඔරිජිනල් කතා මාලාවේ අලුත්ම චිත්‍රපටයේ රංගනයට ශ්‍රී ලංකාවේ උපන් නිළි තුසිතා ජයසුන්දර ඇතුළත් කර තිබේ.
ඇමේසන් ස්ටූඩියෝස් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි තුසිතා ජයසුන්දර අතිරේක නළු සාමාජිකයින් විසි දෙනාගෙන් එක් අයෙකි.
මාධ්‍ය වාර්තාවලට අනුව, අලුතින් හෙළිදරව් කරන ලද නළු සාමාජිකයින් මීට පෙර නිවේදනය කරන ලද ගෝලීය නළු නිළියන් හා කාර්ය මණ්ඩලයට එක්වනු ඇත.
තුසිතා ජයසුන්දර එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික නිළියකි.
1971 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ ජයසුන්දර 1993 දී රාජකීය නාට්‍ය ඇකඩමියෙන් උපාධිය ලබා ඇත.
මෙම නිළිය The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) චිත්‍රපට සඳහාද රංගනයෙන් දායකත්වය සපයා ඇත.













