මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම, බැදුම්කර සිද්ධිය සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් යළි ගෙන්වා ගැනීම යන සිදුවීම් තුන සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද (09) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
විපක්ෂය පසුගිය සතියේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර අලි ස්‍රබි මහතා එහිදී කියා සිටියේ තමන් මේ පිළිබදව අදාළ ආයතනයන්ගෙන් විමසා ඒ පිළිබද ප්‍රකාශයක් සිදු කරන බවකි.
ඒ අනුව එම සිදුවීම්වල විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද දින මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.










