ලොව ඉහළම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුනේ උස මීටරයකින් පමණ ඉහළ ගොස් ඇති බවට වාර්තා වීමත් සමග එය භයානක භූ කම්පනයක පෙරනිමිත්තක් බවට භූ විද්‍යාඥයන් විසින් සැක පහළ කර තිබේ.
මීට පෙර 2105 වසරේද එවරස්ට් කඳු මුදුන ඉහළ යාමක් වාර්තා වූ අතර 2015 වසරේ නේපාලයේ සිදුවූ ඒකක 7.8 භුමි කම්පාව සහ ඒ අතර සම්බන්ධතාවක් ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබිණ.
එම භුමිකම්පාවෙන් 9000 කට වැඩි පිරිසක් මිය ගියහ. එවරස්ට් කඳුමුදුන තරණයේ යෙදුනු කඳු නගින්නන් 18 දෙනෙක්ද මෙහිදී මිය ගියහ.
මෙතෙක් අඩි 29029ක් වූ එවරස්ට් කඳු මුදුනේ නව උස අඩි 29032කි. එනම් මීටර් 8846.86කි.
එවරස්ට් කඳු වැටිය නේපාලය හා චීනය අතර දේශ සීමාවේ පිහිටා තිබේ. මේ දෙරටම මෙය නිල වශයෙන් පිලි ගෙන තිබේ.
එවරස්ට් කඳු වැටිය වසර මිලියන 50 ත් 60 ත් අතර පැරණි බව විශ්වාස කෙරේ. එය ඉන්දියානු හා යුරේෂියානු භූතල ගැටීමෙන් ඇතිවුවක් බවට විශ්වාස කෙරේ.










