පාර්ලිමේන්තුවේ සිදු කරන කතාවලදී ඇතැම් මැතිඇමැතිවරුන් අසභ්‍ය වචන සහ සභාවට නොගැලපෙන වචන භාවිතය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී දැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා වී ඇති අතර එහිදී පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඒ පිළිබදව අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රකාශ සජීවීව විකාශය වන බැවින් එය මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව පාර්ලිමේන්තුවේ ගරුත්වයටද හානියක් වන බවත්, එවැනි වචන භාවිතය තහනම් කළ යුතු බවත්ය.
ඒ අනුව ඊළග පාර්ලිමේන්තු වාරයේදී කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමටත්, සියලුම පක්ෂ නායකයන් නැගිට එම යෝජනාව සම්මත කිරීමටත් මෙහිදී තීන්දු වී තිබේ.










