බීමත්ව සිටි රාජ්‍ය අමාත්‍යවරයෙකු ඊයේ (07) අලුයම 1ට පමණ රුවන්වැලි සෑය වන්දනා කිරීමට පැමිණ ඇතත් ආරක්ෂකයන් ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් වාර්තා වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ආරක්ෂකයන් ඊට ඉඩ ලබා නොදීමත් සමග රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමග වාදයකට පැටලී ඇති බව වාර්තා වේ.
තමන් රාජ්‍ය අමාත්‍යවරයකු බවත්, වහාම මෙම පොලිස් නිලධාරීන් මාරු කිරීමට තමන් කටයුතු කරන බවත් මෙම අමාත්‍යවරයා පවසා ඇති බව දැනගන්නට ඇත.
මෙම සිදුවීම පිළිබදව එම පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේ දැනුත් කළේ යයි රුවන්වැලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝද සදහන් කර ඇත.










