කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද තහවුරු වූ බවත්, ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
ඉන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එක අයෙක් නිවසේදී මරණයට පත්ව ඇති බව සඳහන් වේ.











