අද දිනයේ පැවැත්වුණු ආරක්ෂක අමාත්‍යංශ විවාදය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන බව කළින් දැනුම්දී තිබුණද අවසන් මොහොතේ ජනාධිපතිවරයා ඊට සහභාගි වී නොමැති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා පැමිණෙන බවට කළ දැනුම් දීම හේතුකොටගෙන ජනාධිපති ආරක්ෂක අංශය පාර්ලිමේන්තුවට පැමිණ සියලුම ආරක්ෂ කටයුතු තර කොට තිබුණද අවසන් මොහොතේ ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු ගමන අත්හිටුවීමට පියවර ගෙන ඇත.










