ආණ්ඩුව බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී හෙළිකළේය.
මෙම කරුණු දැක්වීමේදී විපක්ෂනායකවරයා හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.
ඒ පාසල් හා හිරගෙවල් සම්බන්ධයෙන්ය.
එහිදී ජොන්ස්ටන් අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුව එක හිරගෙයක් හෝ හදා නැති බව කියද්දී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ ඉකුත් ආණ්ඩුව පාසල් විවෘත කොට හිරගෙවල් වසා දැමීමට කටයුතු කළ බවයි.










