දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ලබන ජනවාරි 01 වැනි දින සිට සංචාරක කටයුතු සදහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට සංචාරක අමාත්‍යංශය යෝජනාවලියක් සකස් කොට තිබේ.
සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවක් මගින් ඊට අදාළ යෝජනාවලිය සකස් කිරීමට පියවර ගෙන ඇත.
ඊට අදාළ බලධාරීන්ගේ අනුමැතිය හිමි වූ පසු මෙය ක්‍රියාත්මක වනු ඇති බව පැවසේ.
ඊට ඇතුළත් ඇතැම් යෝජනා මෙසේය.
අවම වශයෙන් දින 14 ක් රැඳී සිටීමට අවසර ඇති ඕනෑම රටකින් ගමන් කිරීමට අවසර ඇත.
පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රමුඛතාවය දී දෛනික සංචාරකයින්ගේ පැමිණීම උපරිම 300 දක්වා සීමා කර ඇත.
COVID-19 කාර්ය සාධක බලකායේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ CAA හි පූර්ව අනුමැතිය ඇතිව සියලුම ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා අවසර දෙනු ලැබේ.
දිගුකාලීන සංචාරකයින්, ද්විත්ව විදේශ ගමන් බලපත්‍ර දරන්නන්, නේවාසික බලපත්‍රලාභීන්, චිත්‍රපට, සංචාරක සහ ක්‍රීඩා සංචාරක සඳහා වීසා බලපත්‍ර ලබා දීම මාසයක් වෙනුවට මාස 6 ක් සඳහා වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය යෝජනා කරයි.
වැඩිදුර දැනුම් දෙන තුරු ‘ඔන් අරයිවල්’ වීසා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත.
සියළුම මගීන්ට අවම වශයෙන් මාසයක් සඳහා COVID-19 රක්ෂණයක් අවශ්‍ය වේ.
සෞඛ්‍යයට අදාළ වියදම් රජය විසින් දරනු නොලැබේ.
රැඳී සිටින කාලය තුළ සංචාරකයින්ට අවසර දෙනු ලබන්නේ සහතික කරන ලද හෝටල්වල පමණි. පොදු ප්‍රවාහනය තහනම්ය.
සංචාරකයින් සඳහා සංචාරක ස්ථාන නැවත විවෘත කෙරේ.










