දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ නැවත වතාවක් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ, මීට දින දෙකකට පෙර එම කොට්ඨාසය තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 202කින් 35 දෙනකු හට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගය.
එම රෝගීන් සහ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක් කොට ඇති බවද දැනගන්නට ඇත.










