තවත් කොවිඩ් ආසාදිතයින් 503ක් සහ මරණ දෙකක් ඊයේ (30) වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
ඒ සමග සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,987ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 17,560කි.
දැනට රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 6,309කි.
මේ වෙන කොට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,442ක් දක්වා ඉහළ ගොස් ඇත.










