ආදාහනය කිරීම අනිවාර්ය තහනමක් නොවන බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇත.
කොරෝනා සිරුරු ආදාහනය කරනවාද එසේත් නැතිනම් භූමදානය කරනවාද යන්න සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබදව සිය නිරීක්ෂණ සහ නිර්දේශ යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.
මළසිරුරු සදහා අවසන් ගෞරව දැක්වීඹට අවස්ථාවක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් තමන් වෙත පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමුව ඇති බවත් එම ලිපිය මගින් අනාවරණය කොට ඇත.
මළ සිරුරු බලහත්කාරයෙන් ඉවත් කිරීම, මියගිය පුද්ගලයා ඇත්ත වශයෙන්ම වෛරසයට ගොදුරු වී ඇත්ද යන්න තීරණය කිරීම සඳහා සම්මත ක්‍රියාවලියක් නොමැතිකම, ක්‍රියාවලිය වටා විනිවිදභාවයක් නොමැතිකම සහ අනිවාර්ය ආදාහනය පිළිබඳ ඇති සැකය පිළිබදවද කොමිසමේ අවධානය යොමුව ඇති බවද එම ලිපියෙහි සදහන් කොට තිබේ.










