අද (28) දිනයේ ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ අයවැය ශීර්ෂය සම්බන්ධයෙන් විවාදය පැවැත්වුණද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොමැති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විවාදයට සම්බන්ධ වන්නේද යන්න විමසා තිබේ.
ඊට ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරක් ලැබී නොමැති අතර පසුව ඊට පිළිතුරු ලබා දෙමින් කතානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ අමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව තමන්ට දැනුම් දී ඇති බවකි.










