• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අමීර්ගේ ඔළුවට ගහපු සුපිරි ඩයල් එක

November 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අමීර්ගේ ඔළුවට ගහපු සුපිරි ඩයල් එක
Share on WhatsAppShare on Facebook

පසුගිය වකවානුවක අහස් තලයෙන් පොළොවට ඇදවැටුණු ඛාන් පරපුර අතර ප්‍රධානම තරු දෙපළක් වන්නේ ආමීර් ඛාන් සහ ෂාරුක් ඛාන්ය.

ෂාරුක් තම කඩාවැටීම පයිසෙකට හෝ ගණන් නොගන්නා අතර, ආමීර් ඉතා සොඳුරු සිනාවකින් මුව සරසමින් කියන්නේ පොළොවට කඩාවැටෙන්නට පළමුව අහසෙහි තරු රෑන අතර සිටියාදැයි කියාවත් තමන්ට තමා ගැන නිනව්වක් නැති බවය.

එහි සරල අරුත වන්නේ, තරුවක් ලෙස උතුරු ඉන්දීය සිනමා අම්බරයේ දිළෙමින් සිටින්නට තමා තුළ කිසි දිනෙක හීනයක් හෝ තණ්හාවක් නොතිබුණු වගය.

මා තරුවක ලෙස දකින්නට කිසිවකු උත්සාහ කරන්නේද, එය නොකරන්නැයි මම ඔවුන් හමුවේ සුහදව යදින්නෙමි. මන්ද යත් ආමීර් ඛාන් යනු චරිතාංග රංගවේදියකු පමණක්ම නිසාය. සඳැල්ලක් මත සිට ‘හුළං හාදු’ දෙන්නට තරමේ ආකර්ෂණයක් මා තුළ නැති බව නිහතමානීව පවසා සිටිමි.

ආමීර් ඛාන් ‘ස්ටාර් බස්ට්’ සඟරාවෙහි සම්මුඛ සාකච්ඡාවකදී එසේ පවසා තිබිණි. ඇතැම් විට දංගල්, කාරේ සමීන් පර් සහ ළඟාන් වැනි අතළොස්සක් වූ සිනමාපට කිහිපය දකින විට කිසිවකුට ඔහුගේ කියමනට එරෙහිව චෝදනා කරන්නට බැරිය.

ඒ කීවේ.., ආමීර් ගැන පරණ කතාවකි. මේ ලියන්නට යන්නේ ආමීර් ගැන අලුත් කතාවකි..,
එය ඉතා අපූර්වතම වූ කදිම කතාවකි. එහි විශේෂය වන්නේ ආමීර් ඛාන් සමඟ ෂාරුක් ඛාන්ද මේ කතාවේ අනෙක් කොන ළඟ සිටින නිසාය. ආමීර් සහ ෂාරුක් එලෙස එකම කතාවක දෙකොනෙහි සිටිනවාය කියා සිතන්නට මඳක් අපහසුය. ඒ මොකද කියනවා නම් සිනමා අම්බරය තුළ ඔවුන් දෙදෙනා කිසිවිටෙක මිතුරන් වූයේ නැත. සතුරුකමක් තිබුණේද නැත. ෆන්ෂන් එකකදී හමුවූ විටෙක ‘හායි’ කියා මාරු වීමේ තියරියක් පමණක් බොහෝ විට ආමීර් සහ ෂාරුක් අතර තිබිණි.

තවත් විදියකට කියනවා නම්, ආමීර් හෝ ෂාරුක් එකට රඟපාන චිත්‍රපටයක්වත් තිබුණේ නැත. මතකය නිවැරැදි නම් ‘පෙහෙලානෂා’ චිත්‍රපටයේ පමණක් ෂාරුක් ආගන්තුක රංගනයක් සඳහා ආමීර් සමඟ තත්ත්පර ගණනකට එක් රූප රාමුවක සිටියහ.
සියල්ල එලෙස සිදුවන අතර, මේ කතාබහ පාදක වන සිදුවීම් අහඹුවක සේ කාලයා විසින් කලඑළි දක්වන්නට විය.

එය හරි සුන්දරතම අහඹුවකි.
සුපිරි ඩයල් එකක් වූ කිංඛාන් ආමීර් ඛාන් හමුවේ අධ්‍යක්‍ෂණය වන චරිතාංග රංගවේදියකු වීමට තරම්ම එම සුන්දර අහඹුව අති සුවිශේෂී විය. අහඹුවට ආරම්භය තැබුවේ ආමීර්ය. පසුගිය දවසක උත්සව අවස්ථාවකදී හමුවූ දහසකුත් එකක් උතුරු ඉන්දීය තරු අතරදී ආමීර්, ෂාරුක් හමුවට පැමිණියේය. නිතරම පාහේ අභිමානවත් පෙනුමක් ආරූඪ කරගෙන සිටින ෂාරුක් හිස නඟා ආමීර් දෙස බැලුවේ කුහුලිනි..,

‘මගේ මීළඟ අධ්‍යක්‍ෂණය සඳහා ඔබ මගේ ඔළුවට ඇවිදින් අවසානයි. හිතලා, මතලා උත්තරයක් දෙනවා නම් මට පුළුවනි ඔබට ඒ වෙනුවෙන් කාලයක් දෙන්න..,’
යැයි පවසා සිටියේ ඉතාම ගරුසරුවය.

ෂාරුක් මඳක් වේලා ආමීර් දෙස බලා සිටියේය. ඒ දෙනෙතෙහි වූයේ කුමන හැඟීමක්දැයි ආමීර්ට තේරුම් ගියේ නැත. සිහින් තැතිගැන්මක් වැනි හැඟීමකට මැදි වූ ආමීර් සිනාසුණේ චකිතයකින් වාගෙය.

‘ඔබේ ඔළුවෙන් මාව මහ පොළොවට බස්සවන්න, ඒ පොළොව මත ඉතා සාර්ථකව ඔබේ අධ්‍යක්‍ෂණය තුළ ඔබ කියන ආකාරයට මම රඟපාන්නම්.

ෂාරුක් නොපැකිලිව සිය පිළිතුර ආමීර්ට දුන්නේය. අතට අතදී සුහදත්වය පළ කරන්නට තැනූ ආමීර්ට ෂාරුක් සුහදව වැලැඳ ගත්තේය.
‘ඛාන් සමඟ ඛාන් සුහද ගිවිසුමක් සඳහා අස්සන් තබයි.’

යනුවෙන් එම සේයාරුව සමාජජාලා වෙබ් අඩවි හරහා මුදා හැරිණි. හොලිවුඞ් චිත්‍රපටයක් වූ ‘ෆොරස්ට් ගැම්ප්’ (ත්‍දරුිඑ ඨ්පචය) අනුසාරයට ගෙන නිෂ්පාදනය වන ‘ලාල් සිං චද්දා’ රූගත කිරීම් ලහිලහියේ ඇරැඹිණි.

‘ඔබ ඔබට රිසිසේ මා හසුරුවන්න. කිසිම පළපුරුද්දක් නැති රංගවේදියකු ඔබ හමුවේ මෙහෙය වන බව සිතට ගෙන නිදහසේ මා මෙහෙයවන්න.’

ෂාරුක් හමුවේ යම් රූප රාමුවකට අවැසි උපදෙස් දෙන විට ආමීර් තුළ මතු වන චකිතය දැක ෂාරුක් කීයේ මඳක් තරහින් වාගේය. ආමීර්ට හිනා ආවේය. බලාපොරොත්තුව සිටි යමක් අසන්නට ලැබුණු තල්ලුව තුළ ආමීර් නිදහසේ ෂාරුක් ඛාන්ව මෙහෙය වූයේය.

‘ඔබ එය අපූරුවට කළා, මට මාව මොහොතකට අමතක වූ තරමයි.’
එවකට ඩුබායිහි පදිංචිව සිටි ෂාරුක් ඛාන් දිල්ලියට පැමිණ තමාට හිමි රූගත කිරීම් අවසන් වූ මොහොතේ ආමීර් වෙත සමීපව පැවැසුවේ ගෞරවයෙනි.

‘ලාල් සිං චද්දා’ අවසානයේ ආමීර් සහ ෂාරුක් සව්දිය පිරීම සඳහා ‘සෙට්’ වූ බවද සමාජජාලා වෙබ් අඩවිවල පළවී තිබිණි. ‘සෙට්’ වීමේ මිතුරු මෙහෙවර කෙතරම් සාර්ථක වීද කියනවා නම්,
‘ආයෙමත් ඔබේ හිසට මා පැමිණියහොත් නොපමාව මට දන්වන්න, එය මට ගෞරවයක් වාගෙම සතුටක්…’

යැයි යනුවෙන් ෂාරුක් පවසා සිටියේ ආමීර්ගේ සුරත මිරිකා ගනිමිනි.

ඔවුන් සමුගත්තේද ඉතාම සිත්ගන්නාසුලු ආකාරයේ සේයාරුවකටද මුහුණ දීමෙන් අනතුරුවය.
ජ්‍යොතිෂයට අනුව ආමීර් නත්තල අලළා තම චිත්‍රපට මුදාහරින්නට හුරුව සිටි අන්ධ භක්තිකයෙන් වූ බැවින් ‘ලාල් සිං චද්දා’ 2020 දෙසැම්බරයෙහි තිරගත වීමට නියමිතව තිබිණි.

අවාසනාවකට කොවිඞ්-19 උවදුර හමුවේ සියලු සිහින බොඳව ගියේය.

ආමීර්ගේ ඊළඟ වෑයම වී ඇත්තේ 2021 ජනවාරිය මැද ‘ලාල් සිං චද්දා’ එළිදැක්වීමය.
ඉතින් අප බලා හිඳිමු.., ආමීර් ඛාන් විසින් ෂාරුක් ඛාන් මෙහෙය වූ මෙහෙවර කොතෙක් සාර්ථකදැයි ‘ලාල් සිං චද්දා’ ඇසින් දුටු දිනෙක ප්‍රේක්‍ෂකයනට වටහාගත හැකිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

HNB කාඞ්පත් හිමියන්ට නිවෙසේ සිට සාප්පු සවාරි අත්දැකීමක්

Next Post

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ දිග්විජය කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.