• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ‘වැඩ සමග යළි ගමට’

November 27, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මහකන්නයට බැසිල් සූදානම්
Share on WhatsAppShare on Facebook

“වැඩ සමඟ යළි ගමට” සංවර්ධන වැඩසටහන යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව ලබන 14 දින දකුණු පළාතෙන් ආරම්භ කෙරෙන බව අද 27) පෙරවරුවේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන් අතර කොළඹදී පැවති සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ 2021 අයවැය තනි පුද්ගලයකුගේ අයවැයක් නොවන අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා සිදුකර රටේ සංවර්ධනය සහ අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු රැසක් ගනු ලැබූ අයවැයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා –
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාව වෙත ගෙනයාම සිදු කළ යුතුයි. 2021 අයවැය සකස් කිරීමේදී ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින් ජනතාවගේ අදහස් විමසමින් සකස් කළ මෙම අයවැය ගෙවුණු වසර හැත්තෑවටම ඉදිරිපත් වූ සැබෑ ජනතාවාදී අයවැයක්.

ගමේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමට ඉදිරිපත් කළ, ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් අමාත්‍යාංශ කරා ගෙන එන විධිමත් පටිපාටියක් සකස් කර එය ලේඛනගත කොට සමාජගත කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් එම කාර්ය නොපමාව සිදුකර ජනාධිපති කාර්ය සාධන බලකාය දෙසැම්බර් 14 දින සිට 19 දින දක්වා පළාත් මට්ටමින් පවත්වන රැස්වීම්වලදී නිලධාරින්, දේශපාලන අධිකාරිය හා මහජනතාව දැනුවත් කිරීම සඳහා අපේක්ෂා කරන බැවින් එම පටිපාටින් නොපමාව සකස් කර කාර්ය සාධන බලකායට ඉදිරිපත් කරන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙන ලදි.

ඇතැම් පිරිස් ‍අපේ ආර්ථිකය කඩාවැටෙයි කියලා හිතුවා. පසුගිය රජය ආර්ථිකය විනාශ කළා කිව්වට මෙතරම් විනාශ කරලා ඇති කියලා අපි හිතුවේ නැහැ. ඒ වගේම තමයි කොවිඩ් 19 වසංගතයත් සමග අපේ ආර්ථිකය කඩාවැටෙයි කියලා සමහර දේශපාලඥයින් හිතුවා. 2021 වසර තමයි අපේ ආර්ථිකය කොයි අතට ගමන් කරනවාද කියලා තිරණය කරන්නේ. කිසිම අමාත්‍යංශයකට අඩුවැඩි වශයෙන් කාර්යභාරයන් වෙන්කරලා නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ අමාත්‍යංශ සඳහා අපි ප්‍රමුඛතාවය ලබාදෙනවා. රාජ්‍ය අමාත්‍යංශ මේ වන විට කොටස් 4කට බෙදිලා ගම් මට්ටමෙන් ක්‍රියා කරනවා.

මේක තමයි අපේ පළවෙනි අයවැය. ජනාධිපතිවරයා පත්වුණාට පසුව අපිට මීට පෙර අයවැයක් ඉදිරිපත් කරන්න හැකි වුණේ නැහැ. මේ අයවැයට මහජන නියෝජිතයින්ගේ සහය ලැබිලා තිබෙන නිසා ජනතාවගේ අවධානයටත් යොමුකළ යුතුයි.

සමාජ මාධ්‍ය මඟින් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා අපි කරන වැඩ වලට. සම්පූර්ණයෙන්ම වැරදි පින්තූරයක් තමයි ජනතාවට පෙන්වන්නේ. පරිසරයට හිතකර දෙයක් කළත් ඔවුන් කියන්නේ පරිසරය විනාශ කරනවා කියලා. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි. අයවැය තුළ තිබෙන නව යොජනා ගැන ජනතාව දැනුවත් නැහැ. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම වැදගත්.

විදේශ ණය සහ ආධාර ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පසුගිය රජය සෑහෙන්න ණය ගත්තා. ඒ නිසා අපිව දත්ත වාර්තා අතර විශාල ලෙස පහළට ඇද දැමුවා. සෘජු විදේශ ආයෝජන අවස්ථා අපේ රටට ලබාගැනීමට මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. රජයක් හැටියට දේශපාලන ස්ථාවරත්වයක් අපිට තිබෙනවා. විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විනිමයත් අපි අතහරින්න හොඳ නැහැ. විදේශ සංචාරකයින් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා ලබන වසර වන විට සංචාරක කර්මාන්තය නැවත තිබුණ තත්ත්වයටම ගෙන එන්න කටයුතු කරනවා. විදේශ සංචාරක අංශයෙන් ආයෝජන අවස්ථා ලබාගන්නත් අපි කටයුතු කරනවා.

මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

ශානිට අමාරුයි: වහාම IDH එකට ගේන්න (VIDEO)

Next Post

ජනපති නව නාහිමියන් බැහැදකී

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.