අද (26) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 553 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,022ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,816ක් වේ.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,206කි.
එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,491ක් දක්වා ඉහළ ගොස් ඇත.










