තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ (25) වාර්තා වීමත් සමග මෙරටදී මේ දක්වා කොවිඩ් ආසාදිතව සිටි 96 දෙනෙක් මියගොස් තිබේ.
ඊයේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු මෙසේය.
01. කොළඹ 12 පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 23 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.
02. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 25 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.
මින් 83 දෙනෙක්ම මියගොස් ඇත්තේ දෙවැනි කොවිඩ් රැල්ලෙනි.










