• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි

November 25, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි
Share on WhatsAppShare on Facebook

ලෝකය එන්න එන්නම දියුණු වුණත් අපි බොහෝ දෙනෙක් තාම ආස අතීතයට’ අතීතය ගැන රස කතා අහන්නත්” අතීතයේ ගැමි සැරිය දැක්වෙන ඡායාරූප බලන්නත් අපි තවමත් ආසයි’ නගරයේ තදබදය අස්සේ හිරවෙලා හෙම්බත් වෙලා ඉන්න අපිට මොහොතකට හරි ඒ අතීතයට ගිහින් එන්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි’

අතීතයට යන කාල යාත්‍රා තියෙන්නේ සාහිත්‍යයේ. ඇත්තටම තවම එහෙම දෙයක් හොයා ගන්න කාටවත් අවස්ථාව ලැබිලා නැහැ. ඒ හින්දා අතීතයට මොහොතකයට හරි ගිහින් එනවා කියන එක ඇත්තටම හීනයක්. ඒත් ඒ අතීත සිරිය යම් තරමකට හරි ඉතිරි වෙලා තියෙන සුන්දර ගම්මානයකට ගිහින් ආවොත් අපිට ඒ හීනය යම් තරමකින් හරි සැබෑ කර ගන්න පුළුවන්.
මේ කියන්නේ ඒ වගේ සොඳුරු ගම්මානයක් ගැන. ඒ තමයි බඹරැල්ල. බඹරැල්ල පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කෙලවරක. බඹරැල්ල මායිම් වෙන්නේ දුම්බර කඳු වැටියෙන්. කවුරුත් දන්න විදියට කිව්වොත් නකල්ස් කඳු පංතියෙන්. එක අතකින් බඹරැල්ල කියන්නේ අපේ රටේ මහා මාර්ග පද්ධතියේ එක් කෙලවරක්. මොකද බඹරැල්ලෙන් එහාට මහා මාර්ගයට යන්න තැනක් නැහැ. යනවා නම් තියෙන්නේ නකල්ස් කඳු වැටිය හරහා වැටුණු අඩි පාර විතරයි.
බඹරැල්ලට ළඟම ප්‍රධාන නගරය වෙන්නේ වත්තේගම. වත්තේගම ඉඳන් මේ සුන්දර බඹරැල්ලට තියෙන දුර කිලෝ මීටර 40කට ආසන්නයි. ඒ අතර මැදදී හමුවෙන පන්විල නගරයත් තරමක් දියුණු නගරයක්. වත්තේගම ඉඳන් පන්විලට යනකම් දියුණු මාර්ග පද්ධතියක් තිබුණත් එතැනින් එහාට තියෙන්නේ බොහොම පටු මාර්ගයක්. කඳු බෑවුම්, වංගු පිරුණු ඒ මාර්ගයේ වාහනයක් ධාවනය කරන එකත් අභියෝගයක්. ඒත් තනි දොරටුවේ බස් පදවගෙන මේ මාර්ගයේ නිතරම එහෙ මෙහෙ යන වත්තේගම ඩිපොවේ රියැදුරන්ට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.
බඹරැල්ල කියන්නේ සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා බොහෝ දේ පිරුණු ප්‍රදේශයක්. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ දිය ඇලි. වත්තේගම ඉඳන් බඹරැල්ලට ඇදෙන මග දිගේ ඈතින් පේන නමක් නොදන්නා දිය ඇලි රාශියක් අතරේ ප්‍රධාන පාර ළඟින්ම මුලින්ම හමු වෙන දිය ඇල්ල තමයි “තලිය වැටුණු ඇල්ල.”

වත්තේගම ඉඳන් බඹරැල්ලට දිනකට සී. ටී. බී. බස් ගමන් වාර කිහිපයක් තිබුණත්, එක බස් එකක් විතරක් නවත්වන්න ඉඩ තියෙන පුංචිම පුංචි බස් නැවතුමක් තමයි බඹරැල්ලේ තියෙන්නේ. ඒ පුංචි කඩයක් එක්ක. ඒ පුංචි කඩෙන් අලුත්ම අලුත් එලකිරි වීදුරුවක් රස විඳින එකත් හරිම රසවත් අත්දැකීමක්. සී. ටී. බී. බස්වලට අමතරව බඹරැල්ලේ අයට ගමන් පහසුව සලසන තවත් ගමන් සගයෙක් ඉන්නවා. ඒ තමයි පුංචි වෑන් රථ. මීට දශක දෙක තුනකට කලින් නම් ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඒ වගේ පුංචි වෑන් රථ පොදු ප්‍රවාහනයේ යෙදිලා තිබුණා. ඒ අතීත මතකය අලුත් කර ගන්න අදටත් බඹරැල්ලේදී අවස්ථාව තියෙනවා.

බඹරැල්ලේ බස් නැවතුමේ ඉඳන් ඉස්සරහ බැලුවම ඈතින් ජෝඩු ඇල්ල දැක ගන්න පුළුවන්. දිය ඇලි දෙකක් එන ළඟින් ඇද වැටෙන හින්දා තමයි ඒකට ජෝඩු ඇල්ල කියන නම වැටිලා තියෙන්නේ. බස් නැවතුමෙන් පිටුපස්ස මුළුමනින්ම දුම්බර කඳු පංතියෙන් වහ ගෙනයි තියෙන්නේ. ඒ හින්දම බඹරැල්ලට ඉර එළිය වැටෙන්නෙත් ටිකක් පරක්කු වෙලා. ඉඳලා හිටලා බඹරැල්ලට යන අපිට මේ දර්ශණ හරිම ලස්සන වුණත් බඹරැල්ලේ ජීවත් වෙන මිනිස්සු ගෙවන ජීවිතය නම් හරිම දුෂ්කරයි.

ඈත අතීතයේ ඉඳන්ම දුම්බර මිටියාවත පිළිබඳ රසවත් කතා අහන්න තිබුණත්, මේ ප්‍රදේශ ජනතාකරණය වුණේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදී කියන එක තමයි සාමාන්‍ය පිලිගැනීම. කෝපි වගාවත් එතැනින් පස්සේ තේ වගාවත් කන්ද උඩරට පැතිර යාමත් එක්ක ඒ අවට සෑම කඳු මුදුනක්ම සොයා ගෙන යන්න ඉංග්‍රීසි ජාතිකයන් පෙළඹුනා. ඒ හින්දා අදටත් බඹරැල්ලේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ තේ වගාව. විශාල ප්‍රමාණයේ තේ කර්මාන්ත ශාලා කිහිපයකුත් බඹරැල්ල අවට පිහිටලා තියෙනවා.

වතු කම්කරුවන්ට අමතරව සිංහල ජනතාව බොහෝ දෙනෙක් අදටත් බඹරැල්ලේ ජීවත් වෙනවා. ඒත් ඒ බොහෝ දෙනකු පැවතෙන්නේ ඊට දශක කිහිපයකට කලින් බඹරැල්ලට ආව තම මුතුන් මිත්තන්ගෙන්. ඒ හින්ද බඹරැල්ලේ ඉතිහාසය ගැන හරිම විස්තර හොයා ගන්න එක ඒ තරම් ලේසි නැහැ. ඒත් මීට දශක තුනකට විතර කලින් සිද්ධ වුණු සිදුවීම් මාලාවක් නම් ඒ අයට හොඳට මතකයි.

1980 වන විට බඹරැල්ල විතරක් නෙවෙයි ඊට ඉහළින් දුම්බර කඳු පංතිය මැද පිහිටි කළුපහන කියන ප්‍රදේශයත් බොහොම ජනාකීර්ණව තිබුණා කියලයි ඒ අය කියන්නේ. ඒකට හේතුව තමයි එනසාල් වගාව. කොහොම වුණත් ඒ කාලෙත් බඹරැල්ලේ ඉඳන් කළුපහනට වාහනයක් යන්න පහසුකම් තිබිලා නැහැ. මහ කැලේ මැදින් වැටුණු අඩි පාර දිගේ තමයි ඒ අය ගමන් කරලා තියෙන්නේ. තමන්ගේ එනසාල් ඵලදාව විකුණාගන්න වගේම තමන්ට අවශ්‍ය දේ මිලදී ගන්නත් ඒ අය බඹරැල්ලට ඇවිත් තියෙනවා. ආර්ථිකමය අතින් එනසාල් ඉතාම ලාභදායී බෝගයක් වන හින්දා ඒ කාලේ බඹරැල්ලේ ආර්ථිකයත් මීට වඩා හොඳයිලු. කොහොම වුණත් නකල්ස් රක්ෂිතයට අයත් භූමියේ එනසාල් වගාව තහනම් කරන්න රජය තීරණය කිරීමත් එක්ක කළුපහන ජීවත් වුණු ජනතාවටත් බඹරැල්ලට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ජනතාවට රජය විසින් නිවාස පවා ඉදි කරලා දීලා තියෙනවා. එනසාල් වගාව මරා දමන්න ගුවන් යානා වලින් බෙහෙත් පවා ඉස්සා කියලා ජනතාව කියනවා.

ජනතාව මොනවා කිව්වත් මේ වටිනා දුම්බර කඳු පංතිය රැක ගන්න බලධාරීන් ගත්ත ඒ ක්‍රියා මාර්ගයට නම් අපි හැම දෙනාගේම ගෞරවය හිමි විය යුතුයි. එහෙම නැති වුණා නම් අද වෙද්දී බඹරැල්ලේ මේ කියන සුන්දරත්වය නැති වෙන්නත් ඉඩ තිබුණා. හැබැයි අදටත් කළුපහනට ආසන්න ප්‍රදේශවල සුලු වශයෙන් එනසාල් වගාව සිදු කෙරෙනවා.

දුම්බර කඳු පංතිය පාමුල මධ්‍යම කඳුකරයේ බෑවුමක කෙලවරට වෙන්න පිහිටිය බඹරැල්ල අදටත් බොහෝ දේ සඟවා ගත්ත ප්‍රදේශයක්. ඒත් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා සොබා දහමට මුහු වෙලා හිතට නිදහසක් දෙන්න බඹරැල්ල කියන්නේ අපූරු නවාතැනක්. මේ නිදහස හින්දම ලෞකික ජීවිතයෙන් මිදිලා ආධා්‍යාත්මික සුවය සොයා යන හිමි වරු පවා අදටත් බඹරැල්ලේ වැඩ වාසය කරනවා. බඹරැල්ලේ වැඩ වසන සුදු හාමුදුරුවරු ගැන විස්තර අපි මීට කලින් මව්රට පුවත්පත ඔස්සේ කතා කළා. වාසනාව තියෙනවා නම් හිමිදිර පාන්දර බඹරැල්ල බස් නැවතුම අසළට යන කෙනකුට මේ සුදු හාමුදුරුවරු දැක ගැනීමේ භාග්‍යය උදා වෙන්න පුළුවන්. හැබැයි ඒ වාසනාව ගණනය කරන්න තරම් අසීරු සම්භාවිතාවකින් යුතු එකක්.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මෛත්‍රීපාලටත් පාස්කු කොමිසමේදී ‘මට මතක නෑ’ ලෙඩේ හැදෙයි

Next Post

විපක්ෂය ගහන මඩවලට ආණ්ඩුවෙන් මහින්දානන්ද උත්තර දෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.