• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහ කැලේ රෑ සිරිය (කැලෑ කොලම)

November 24, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
මහ කැලේ රෑ සිරිය (කැලෑ කොලම)
Share on WhatsAppShare on Facebook

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය කරන ජාතික වනෝද්‍යාන තුළ පිහිටි කඳවුරු භූමියක රාත්‍රියක් ගත කරන්න අවශ්‍ය කරන මූලික සූදානම ගැන අපි පසුගිය සතියේ කැලෑ කොලමෙන් කතා කළානේ. කඳවුරු භූමියට ඇතුළු වුණාට පස්සේ කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැනයි අද අපි කතා කරන්න හදන්නේ.

අවශ්‍ය සියලුම දේවල් රැගෙන කඳවුරු භූමියට ගියාට පස්සේ අපේ කූඩාරම ඉදි කර ගන්නේ කොහෙද කියන එක රියැදුරු මහත්මා සහ වනජිවී නියාමක මහත්මා අපට පෙන්වනවා. සුදුසු ස්ථානය තෝර ගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනෑ ඒ අවට ශුද්ධ පවිත්‍ර කර ගන්න එක. මොකද ගන වනාන්තරයක සර්පයින්, පත්තෑයින් වැනි විවිධාකාර සත්වයින් සැරිසරනවා. ඒ හින්දා ඒ ආරක්ෂාවට අවට ශුද්ධ පවිත්‍ර කර ගැනීම හරිම වැදගත්.
ඒ හින්දා තමයි කඳවුරු භූමියට කල් තියා ගමන් කළ යුතුයි කියලා අපි ගිය සතියේ පැහැදිලි කළේ. තව දෙයක්. අපි රැගෙන ගිය ආහාර පාන පරිස්සම් කර ගැනීම ගැනත් හොඳ අවධානයකින් ඉන්න ඕනෑ. මොකද වඳුරන්, රිළව් වැනි සත්වයන්ගෙන් ඒවාට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ අවධානය කඳවුරු භූමියට ගිය වෙලාවේ ඉඳන් ආපසු පැමිණෙන තෙක්ම තබා ගත යුතුයි.
භූමිය ශුද්ධ පවිත්‍ර කර ගැනීමෙන් පස්සේ අපට නිසියාකාරව කඳවුර ඉදි කර ගන්න පුළුවන්. සුළඟට ඔරොත්තු දෙන ආකාරයෙන් නියම ක්‍රමයට එය ඉදි කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. රාත්‍රිය පුරා දල්වා තැබෙන ගිනිමැළ සඳහා අවශ්‍ය දර සොයා ගැනීම තමයි ඊළඟට කළ යුත්තේ. මේ වගේ ගන වනාන්තරයක අවම වශයෙන් ගිනිමැළ දෙකක්වත් දැල්වීම කළ යුතුයි. ගිනිමැළයක් අසලට කිසිම සත්වයෙක් ළඟා වෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් කඳවුරු රාත්‍රියක් ගත කරන බොහෝ දෙනෙක් හවස පහ හය වෙද්දී ගිනිමැළ දල්වන්න කටයුතු කරනවා. නමුත් අපේ අත්දැකීම් අනුව ගිනිමැළ දැල්වීම රාත්‍රී 8, 9ත් අතර කාලයේදී සිදු කළ යුතු බව තමයි මගේ අදහස. මොකද එහෙම වුණාම උදෑසන වෙනකම්ම ගිනිමැළය දල්වා තබා ගැනීම පහසු වෙනවා. ඒ අතර කාලයේදී අපිට රාත්‍රී ආහාරය සකස් කර ගන්න පුළුවන්. එහිදී වැදගත්ම දේ තමයි පානීය ජලය කළමනාකරණය කර ගැනීම. නැවත වනාන්තරයෙන් පිටතට යනතුරු ගෙන ආ පානීය ජලය ඉතාම අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක්. කඳවුරු භූමිය තුළදී ආහාර සකස් කර ගැනීමත් අලුත් අත්දැකීමක්. එය කණ්ඩායමේ සියලු දෙනාම එකතුව සාමූහිකව කළ යුතුයි. ඒ වගේම තමයි අපි එවෙලේ ගන්න ආහාර එවෙලේම සකස් කර ගැනීමත් වැදගත්. මොකද ආහාර සකස් කර තබා යෑමෙන් සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්. අපි එක රාත්‍රියකට වඩා ගත කරනවා නම් තමයි ඒ උපදෙස වැදගත් වෙන්නේ. අපි ආහාර සකස් කර ගැනීමට යොදා ගන්නා උපකරණ අසල ජල ප්‍රවාහයෙන් පිරිසුදු කර ගන්න පුළුවන්. හැබැයි ආහාර සකස් කර ගැනීම සඳහා ගෙන ගිය සැමන් ටින්, බටර් කප් වැනි කිසිවක් පරිසරයට මුදා නොහරින්න වග බලා ගත යුතුමයි.
අපි මේ ඉන්නේ දුරකථන සංඥා නොමැති ළඟ පාත කාත් කවුරුවත් නැති මහා ගන වනාන්තරයක. අපි වචනයෙන් අහලා තියෙන කෑලි කැපිය හැකි අඳුර කියන දේ අත් විඳින්න ඔබට එහිදී අවස්ථාව ලැබෙනවා. අඳුර විනිවිද දැකිය හැකි විදුලි පන්දම් කිහිපයක් ළඟ තබා ගැනීමේ වැදගත්කම ඔබට දැනෙන්නේ අන්න ඒ වෙලාවට.
මේ රාත්‍රියේදී අපි පිළිපැදිය යුතු කරුණු ගණනාවක්ම තියෙනවා. අධික කෑ කෝ ගැසීම්වලින් තොරව කල් ගත කිරීම තමයි ඒ අතරින් ප්‍රධාන. නමුත් කණ්ඩායම සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් කාඞ් සෙල්ලම් වැනි දෙයක් කරන්න බාධාවක් නැහැ. කිසිම හේතුවකට අප සිටින වපසරියෙන් ඉවතට නොයෑම තමයි ඊළඟ කාරණය. නායකයාගේ වචනයට අවනත වන පිරිසක් සිටිය යුතුයි කියලා අපි මුලින්ම කිව්වේ ඒකයි. එහෙම නැතිව තමන්ගේ හිතුමනාපයට රාත්‍රී කාලයේ එහෙ මෙහෙ ඇවිදින්න හදන එක් අයෙකු හෝ හිටියොත් ඒක මුළු කණ්ඩායමටම ලොකු අනතුරක් වෙන්න පුළුවන්.
අපේ ජීවිත කාලයේදී මින් පෙර කිසිම දවසක අහලා නැති ශබ්ද රාශියක් මේ රාත්‍රියේදී ඔබට අහන්න ලැබෙනවා. සමහර විට ඒ ශබ්ද ඉතාම මිහිරි ඒවා වෙන්න පුළුවන්. සමහර විට ඒවා ඉතාම අමිහිරි ශබ්ද වෙන්නත් පුළුවන්. ඒ හින්දා එය දරා ගැනීමට හැකි මානසිකත්වයක් ඔබට තිබිය යුතුමයි. නමුත් ඒ ශබ්ද අසමින් ගත කරන රාත්‍රිය ඉතාම සුන්දර එකක් වන බවත් කිව යුතුමයි.
ඒ වගේම වන සතුන්ගේ චර්යා රටා අධ්‍යයනය කිරීමට සහා ඡායාරූප ගත කිරීමට මීට වඩා තවත් අවස්ථාවක් ඔබට ලැබෙන්නේ නැහැ. වැවක් හෝ ගංගාවක් අසල රාත්‍රිය ගත කළහොත් තමයි ඔබට මේ අත්දැකීම හොඳටම විඳින්න පුළුවන්. මොකද ඒ භූමියේ ඒ වෙලාවේ ඉන්නේ අපියි, වන සතුනුයි විතරයි. ඒ හින්දා වන සත්තු කිසිම බාධාවකින් තොරව කටයුතු කරන විදිය බොහොම අපූරුවට දැක බලා ගන්න පුළුවන්.
කඳවුරු රාත්‍රිය ගත කර ආපසු පැමිණීමේදී නැවත වරක් භූමිය පිරිසුදු කිරීම කළ යුතුමයි. ගිනිමැළ සම්පූර්ණයෙන්ම නිවා දමා නැවත පරීක්ෂා කළ යුතුයි. අප ගෙන ආ සියලු දේ නැවත රැගෙන යන්නේදැයි කිහිප වරක් පරීක්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම නොදිරන ද්‍රව්‍ය කිසිවක් ඒ භූමියේ දමා ඒම සිදු නොකළ යුත්තක්. අත්දැකීම් බහුල සංචාරකයන් අතින් එවැන්නක් සිදු නොවුණත්, ඇතැම් සංචාරකයන් අතින් එවැනි වැරැදි සිදුවන ආකාරය අප දැක තිබෙනවා. එවැනි දේ පිළිබඳව දැනුවත් කිරීමත් අපේ කැලෑ කොලමේ එක් අරමුණක්. වන සතුන් ගහන රූස්ස වනාන්තරයක රැයක් ගත කරමින් ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන අපූරු අත්දැකීමක් ලබා ගන්න අවශ්‍ය කරුණු මේ හරහා ලැබුණේ නම් අපේ අරමුණ සාර්ථකයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු සභා රැස්වීම හදිසියේ අවලංගු වෙයි: කොමිසම් 6ම ජනපති නම් කළත් පත්වීම් පමාවෙයි

Next Post

‘ස’ ෆේල් යළිත් කරළියට: මේ පාරත් හරීන්ගෙන්….

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.