• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම එපා කියද්දී පාසල් ඇරපු හේතුව ජී.එල්. රටටම කියයි

November 23, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
හැමෝම එපා කියද්දී පාසල් ඇරපු හේතුව ජී.එල්. රටටම කියයි
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනා පාසල් විවෘත නොකරන ලෙස කියා සිටියත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට රජය කටයුතු කළ බවත්, එහි වගකීම අමාත්‍යංශය විසින් ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළේය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ නීතීඥ සාගර කාරියවසම් යන මහත්වරු එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති , අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා .

අද විශාල ලෙස අවධානය යොමු වී තිබෙන කාරණයක් තමයි පාසල් යළි විවෘත කිරීම. සෑම අංශයකින්ම දැඩි අධීක්ෂණය කර ලක් කරල තමයි මෙම තීරණය අපි  අරගෙන තිබෙන්නේ. පාසල් විවෘත වන්නේ මුළු දිවයිනටම නොවෙයි. අවදානමක් තිබෙනවා කියලා විශ්වාස කරන පළාත් වල අද පාසල් ආරම්භ කෙරෙන්නේ නැහැ .අපි මෙම ක්‍රියාදාමයෙන් මුළු බස්නාහිර පළාතම ඉවත් කරලා තියෙනවා. කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වල පාසල් අද විවෘත වන්නේ නැහැ. මෙම දිස්ත්‍රික්ක වල  ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙන දිස්ත්‍රික්කවලට යෑමට හැකියාවකුත් නැහැ . අනෙක් දිස්ත්‍රික්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොළඹ,කළුතර,ගම්පහ දිස්ත්‍රිකවලට ඇතුළු වීමට හැකියාවකුත් නැහැ. බස්නාහිර පළාත හැරෙන්ට දිවයිනේ වෙනත් පළාත් වල අවදානම් පොලිස් වසම් තුළ තියෙන පාසල් අද  විවෘත වන්නේ නැහැ.

ලංකාවේ තිබෙනවා පාසල් 10,165ක් . මුළු දිවයිනටම සාධාරණ වන ප්‍රතිපත්තියක් තමයි අපි අනුගමනය කළ යුතු වන්නේ. මට පෞද්ගලික දුරකථන දුරකථන ඇමතුම් ලැබිලා තිබෙනවා මව්පියන්ගෙන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් . ඔවුන් මගෙන් අහන ප්‍රශ්නය තමයි  දිස්ත්‍රික්ක කිහිපයක තිබෙන  ප්‍රශ්නයක් නිසා අනෙක්  දරුවන්ට පාසල් යාමට තිබෙන අවකාශය කෙතරම් කල් අහිමි කරනවා ද කියලා. ඒ නිසා තමයි අපි තීරණයක් ගත්තෙ විවෘත කිරීමේ හැකියාව තිබෙන පළාත් වල පාසල් විවෘත කරන්න. ඒ ශිෂ්‍යයන්ගේ  අනාගතය ගැන හිතලා ගත හැකි උචිතම ක්‍රියා මාර්ගය කියලා අපි හිතනවා. එහිදී අවධානය යොමු කළ යුතු සාධක දෙකක් තිබෙනවා.ඒ දෙක ම වැදගත්. එකක් අමතක කර තීරණ ගැනීමට හැකියාවක් නැහැ . එකක් තමයි දරුවාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය. එයට අවදානමක් වන පරිදි අපි කිසිසේත්ම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. දරුවාගේ සෞඛ්‍ය තීරණාත්මක වැදගත්කමකින් යුක්තයි. ඒ වගකීම රජයක් හැටියට අපට තියෙනවා. ඒ වගේම  තමයි පාසල් දිගින් දිගටම වහලා තියෙනවා නම් දරුවාගේ  අනාගතය වසා දැමීමක්. ඉතින් එම නිසා තමයි දිවයිනටම පොදුවේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තියක් දියත් කරන්නේ.

පාසලකින්  පාසලකට තත්ත්වය ගොඩක් වෙනස් වෙනවා. මෙය ශ්‍රී ලංකාව විතරක් මුහුණ දෙන ප්‍රශ්නයක් නොවෙයි විදෙස් රටවලත් විදිහට තමයි පාසල් ක්‍රියාත්මක වන්නේ . එම නිසා පාසලට ගත යුතු ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද කියා තීරණය කිරීමට පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට අපි වගකීම පවරලා තියෙනවා. ඒ වගේම  විස්තර සහිත පැහැදිලි චක්‍ර ලේඛනයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා හෝ විදුහල්පතිනිය,ග්‍රාම  සේවක,පී.එච්.අයි,පාසල  වෙනුවෙන් තීරණ ගත යුතු යි.එය අනුව විවෘත කළ හැකි පාසල් අද අපි විවෘත කළා.නිකම්ම විවෘත කළේ නැහැ.දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය පියවර අරගෙන තමයි පාසල් විවෘත කළේ. පාසල් වලට අවශ්‍ය කරන සින්ක්,සබන්,විෂබීජනාශක අපි ලබා දීලා තියෙනවා. සමහර පාසල් වල තිබෙන අඩුපාඩු පියවා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන  අමාත්‍යාංශය වෙන්කරලා  තිබෙනවා. විදුහල්පතිගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටු වල තීරණ අධීක්ෂණය කිරීම  කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත පවරලා තියෙනවා.කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙය තමන්ගේ වගකීමක් ලෙස සලකලා ඉතාමත් වගකීමෙන් කටයුතු කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි ඔවුන් මෙම තීරණ අරගත්තේ. නැගෙනහිර පළාතේ පාසල් හයක් අද  විවෘත කළේ නැහැ. මධ්‍යම පළාතේ පාසල් දාහතරක් විවෘත කරල නැහැ. උතුරු මැද පළාතේ පාසල් දාහතරක් විවෘත  කරලා නැහැ. ඌව පළාතේ තවමත් එසේ ප්‍රශ්නයක් උද්ගත වෙලා නැහැ.සබරගමු පළාතේ පාසල්  12ක් අද දින විවෘත කළේ නැහැ. වයඹ පළාතේ  හුදකලා ප්‍රදේශ තියෙන නිසා ඒ පළාතේ පාසල් විවෘත කිරීමේ හැකියාවක් නැහැ. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ එක් පාසලක් දැනට විවෘත කරලා නැහැ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සියලු තීරණ ගනු ලබන්නේ කලාප අධ්‍යක්ෂක ,විදුහල්පතිවරයා ඇතුළු පාසල වෙනුවෙන් පත් කළ කමිටුව විසින්. මෙම ක්‍රමවේදය කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික වන්නේ නැහැ.

පාසල් වල පවතින අඩුපාඩු සපුරාලීම  සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මධ්‍යම  පළාතට ලක්ෂ 63ක්,දකුණු පළාතට ලක්ෂ 49ක්,උතුරු පළාතට ලක්ෂ 36ක්, නැගෙනහිර පළාතට  ලක්ෂ 46ක්,වයඹ පළාතට  ලක්ෂ 56ක්, උතුරුමැද පළාතට ලක්ෂ 30ක්, ඌව පළාතට ලක්ෂ 38ක්, සබරගමු පළාතට ලක්ෂ 49ක් ලෙස වෙන්  කරලා

උසස් පෙළ විභාගය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නත් මේ වගේ ම අසීරු වුණා. නමුත්  අපි ඊට මුහුණ දුන්නා. ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් අද රටේ තියෙනවා. ශිෂ්‍යයන් 362,884 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා.

සියල්ලටම වඩා පහසුම විසඳුම තමයි කිසිවක් නොකර රට වහල තියෙන එක .එවිට කවුරුත් විවේචනය කරන්නේ නැහැ මොකුත් නොකර ඉන්න නිසා. නමුත් එය අපේ රටේ සහජ සම්පත වන දූ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක් නොවෙයි.ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ හැකි දේවල් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සහ රජයෙන් සිදු කළ යුතුයි. ඇතැම් අවස්ථාවල අමාරු තීරණ ගන්න වෙනවා.එය අපි කළ යුතු දෙයක්. වහලා තියෙනවා නම් කොච්චර කල් රට වහල තියන්න ද. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා කොවිඩ්-19 වසංගතයත් එක්ක අපිට තවත් අවුරුදු දෙකහමාරක් විතර ජීවත්වෙන්න සිද්ධ වෙයි කියලා.එවිට පාසල් වහලා තියෙනවා ද අවුරුදු දෙකහමාරම.  පාසල්  දරුවන්ට කුමක්ද සිදුවන්නෙ.මේ සියලුම සාධක දූරදර්ශී ලෙස සලකලා බලලා ගත් ප්‍රතිපත්තියක් තමයි අපේ රජය මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා

කොඩිව් 19 වසංගතයේ තෙවන අවස්ථාව ආරම්භ වෙලා තියෙන අවස්ථාවක 362884ක් සහභාගි වූ උසස් පෙළ විභාගය කිසිදු ප්‍රශ්නයක් නැතුව අවසන් කරන්න හැකි වුණා. 326000ක් සහභාගි වූ ශිෂ්‍යත්ව විභාගයත් ඉතාමත් සාර්ථක ලෙස අවසන් කරන්න අපට හැකි වුණා. සාමාන්‍ය පෙළ විභාගය සඳහාත් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් පවතිනවා. මෙම ගෝලීය වසංගතය හමුවේ මේ අභියෝග අපි ඉතාමත් හොඳින් අභියෝග වලට මුහුණ දීලා තිබෙනවා. තිරසර සංවර්ධන ඉලක්ක 17න් හතරවෙනි ඉලක්කය වන්නේ සැමට අධ්‍යාපනය කියන කාරණයට  ලෝකයේම රටවල් එක් වෙලා තිබෙනවා. අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් මෙම අභියෝගයන්ට මුහුණදීම තමයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදු කරන්නේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ තමයි ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම පහසුවෙන්ම සිදුකළ හැකි වන්නේ. ඒ වගේම රූපවාහිනිය තුළ ආවරණ කලාප හොඳින්ම තියෙන්නෙත් බස්නාහිර පළාත තුළ. එම නිසා අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් අරගෙන තිබෙනවා දිනකට පැය 16ක් පෙරවරු 4 සිට රාත්‍රිය දක්වා 3 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා  රූපවාහිනය ඔස්සේ තුන්වෙනි වාරය ක්‍රියාත්මක කරන්න. පාසල් යාම අහිමි වන කාලච්ඡේද ඉන් ආවරණය වෙනවා. තවත් චැනලයක් ඔස්සේ ආරම්භ කළා සාමාන්‍ය පෙළ සිසුන්ට පුනරීක්ෂණ අභ්‍යාස සිදු කිරීම සඳහා. අපි සෑම උත්සයහක් ලෙන තිබෙනවා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ වුණත් අපිට තිබෙන සියලු සම්පත් ප්‍රයෝජනයට ගෙන සිසුන් වෙනුවෙන් සිදු කිරීම වෙනුවෙන්. කලාප අධ්‍යක්ෂවරු සහ පළාත් අධ්‍යාපන බලධාරින් සමඟ අපි කටයුතු කරනවා මුද්‍රිත ක්‍රමවේදයට පාසල් සඳහා අවශ්‍ය දේවල් ලබාදෙන්නත්.

 ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා.

වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් රජය එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා. කිසිදු ලියාපදිංචියක් නොමැති, වගකීමක් නොදරන ,ඒ වගේම කිසිදු පදනමකින්, තොරව පුද්ගලයින්ට මඩගහන ,අසත්‍ය ප්‍රචාර සිදුකරන, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන වෙබ් අඩවි කිහිපයක් තිබෙනවා. මෙවැනි වෙබ් අඩවි ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා රජය හිතනවා. එය කරන්නේ රජය වෙනුවෙන් නොවෙයි මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුයි කියලා රජය තරයේ විශ්වාස කරන නිසා.

SendShareShare
Previous Post

හිරගෙදර පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Next Post

සී.ඩී. පොලිස්පති

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.