කොළඹ හුදකලා කොට ඇති ජනතාවට රුපියල් 5000ක් දුන්නේ සතියෙන් එය වියදම් කිරීමට නොවන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය හරියට ඒ මහතාට ජන්දය දුන් කොළම ජනතාවට ඒ මහතා විසින්ම සරම උස්සා පෙන්වීමක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
කොළඹ ජනතාව හිගන්නන් නොවන බවත්, වීරවංශ මහතා විසින් ඔවුන්ට අපහාස කිරීම පිළිගත නොහැකි බවත්. ජනතාවගේ කුසගින්න සමග සෙල්ලම් නොකරන ලෙසත් මන්ත්‍රීවරයා වීරවංශ මහතාගෙන් ඉල්ලා සිටියේය.










