ප්රවෘත්ති සාකච්ජාවකදී අනාවරණය කළ යම් යම් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ පන්සල වෙත ගොස් ඇත.
මෙහිදී මැඩිල්ලේ හිමියන් විසින් එම සිදුවීම සම්පූර්ණයෙන්ම වීඩියෝගත කොට සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරීමට පියවර ගෙන තිබේ.
තමන් වහන්සේ ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල කළ නමුත් කෙදිනකවත් රහස් පොලිසිය තමන්ගේ පන්සලට පැමිණ නැති බවද උන්වහන්සේ කීහ.
යහපාලන රජය විසින් එදා භික්ෂු දඩයම සිදු කරන බව කීවද සැබෑ භික්ෂු දඩයම වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති බවද උන්වහන්සේ සදහන් කර සිටියහ.










