• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට අන්තිමට කිහිලිකරුවලින් යන්න වුණා

November 21, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මට අන්තිමට කිහිලිකරුවලින් යන්න වුණා
Share on WhatsAppShare on Facebook

හිතවත්කම්වලට රඟපාන්න දෙන්න බෑ…

සදුසුම කෙනාව තෝරගත්තේ…

චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසට කටයුතු කරමින් සම්මාන රැසක් හිමිකරගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දමයන්ති ෆොන්සේකා කියන්නේ. ඇය හෙළ සිනමා රැජනගේ ආදරණීය නැඟණියද වීම තවත් විශේෂත්වයක්. ඉතින් හැමදාමත් අප සමඟ ළෙන්ගතු ඒ ආදර බව සමඟ කතාබහ කිරීමට අප හිතුවා.
දමයන්ති අක්කේ මේ දවස්වල උදේ, හවස බුදුන් වැඳ ප්‍රාර්ථනා කරන්නේ මොනවද?
මේ කොරෝනා වසංගතයෙන් ලෝකයේම ජනතාව බේරා ගෙන කොරෝනා වසංගතය තුරන් වේවා කියලා තමයි. ලෝකෙම ජනතාව පීඩා විඳිනව මේ වසංගතයක් නිසා.
ඉතින් මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
පසුගිය කාලවකවානුවේ ගෙදරට වෙලා තමයි හිටියේ. ඒත් ටෙලිනාට්‍ය කරන්න සියලුම ශිල්පීන්ට නව රජයෙන් මේ වසංගතයත් එක්ක අවසර දුන්නු නිසා මේ දවස්වල ටෙලිනාට්‍යවල වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ සහ ‘සිහින ගෙනෙන කුමරියේ’ නිර්මාණ එක්ක තමයි මම මේ දවස්වල නිරතවෙලා ඉන්නේ.
මෙයට කලින් අපි නොදුටු වෙනස්ම රංගනයක් මේ දවස්වල අපි දකිනවා?
‘නෑනලා’ ටෙලිනාට්‍යයේ මගෙ චරිතය ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා. කටකාර වෙනස්ම චරිතයක්. ඒ වගේම කිහිලිකරුවෙන් රඟපාන පළමු අවස්ථාවද මෙයයි. එයත් මට අභියෝගයක්. ඒ විතරක් නෙවේ අපේ ගම් ප්‍රදේශයේ කීරේ විකුණන බක්කි කරත්තයක් හදාගෙන පාරවල් ගානේ යනවා කීරේ තියාගෙන. මම මේ චරිතය වෙනුවෙන් වෙනස්ම රංගන විලාසයක් එකතු කරගත්තා.
ඔබ රඟපෑමට අමතරව මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ තවත් වෘත්තීන් කිහිපයක මූලිකවෙලා වැඩකටයුතු කරන බව අප දන්නවා. කොහොමද මේ සියල්ල ගළපගත්තේ?
කාලය කළමනාකාරිත්වය ඇතිව, සැලැසුමක් ඇතිව තමයි මම වැඩ කරන්නේ. අධ්‍යක්‍ෂණය, නළුවරණය, ඒ විතරක් නෙවේ මගේ රංග පාසලේ වැඩකටයුතුත් කරන අතරතුර තමයි රඟපෑම් කටයුතු කරන්නේ. කිසිම දෙයකට බාධාවක් නොවන විදියට වැඩකටයුතු කරනවා.
නළුවරණ කියන දේ බැරෑරුම් කර්තව්‍යයක් වෙන්න ඇති?
ඇත්තටම ඔව්. නිර්මාණවලට නළු නිළියන් සම්බන්ධ කිරීම පහසු දෙයක් නෙවේ. අධ්‍යක්‍ෂවරුන්ට අවශ්‍ය ශිල්පීන් ලබා දීම. සමහරු මම සමඟ හිත් අමනාපකම් වෙනවා. ඔවුන්ට අවස්ථාවක් දෙන්නෙ නැහැ කියලා. මෙය හිතවත්කමට අවස්ථාවන් දෙන්න බැහැ. චරිතයට ගැළපෙන සුදුසුම කෙනාට දීමට තමයි මම උත්සාහ කරන්නේ. ඒ ශිල්පියා ගැන මම සම්පූර්ණම වගකිවයුතුයි. ඔහුට ආරක්‍ෂාව පවා සැපැයිය යුතුයි.
ඉන්දියානු චිත්‍රපටයකටත් නළුවරණය තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුණා නේද?
ඔව්. ප්‍රධාන නළුනිළියන් ඉන්දියාවෙන් සම්බන්ධ කරගන්නේ. අනෙකුත් ශිල්පීන් ලංකාවෙන් තමයි තෝරා ගැනීමට සිදුවෙන්නේ. මෙහි විශේෂත්වයක් තමයි දමිළ භාෂාව කතාබහ කිරීමට හැකියාව තිබීම. අපේ රටේ දමිළ භාෂාව පුළුවන් දක්‍ෂ ශිල්පීන් ඉන්නවා. ලබන වසරේ මුල චිත්‍රපටයේ වැඩකටයුතු පටන් ගැනීමට සැලැසුම් කරගෙන යනවා. මනිරත්නම් තමයි චිත්‍රපටය අධ්‍යක්‍ෂණ කටයුතු කරන්නේ.
ඔබගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වුණු ‘ඉරගල නැකැත’ වැඩකටයුතු කොහොමද?
කොරෝනා ප්‍රශ්නය නිසා එහි රූපගත කිරීම් අවසන් කිරීමට නොහැකි වුණා. ජනවාරියේ රූපගත කිරීම් කටයුතු මම නැවැත පටන්ගන්නවා. එයත් බැරෑරුම් වැඩකටයුත්තක්. ඒ කාලවකවානුවේ ඉරගල නැකැත වෙනුවෙන්ම මම කැප වෙනවා.
ඔබගේ ආදරණීය සැමියා සුවිශේෂී සිනමා අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගෙන් ලැබෙන සහාය කොයිවගේද ඔබගේ නිර්මාණවලට?
ඔහු තමයි ප්‍රසන්න විතානගේ. ගොඩදෙනෙක් දන්නවා ඔහු ගැන. ඔහු මට දීලා තිබෙන නිදහස වචනයකින් කියා නිම කරන්න බැහැ. ඔහුත් මට ගුරුවරයෙක්. ඒ වගේම මම මේ ක්‍ෂේත්‍රයේ ගොඩාක් අය සමඟ වැඩ කළා. ඒ සියලුමදෙනාගෙන් මම ගුරුහරුකම් ලබාගත්තා. ගුරුවරයෙක් අධ්‍යාපනයක් ලබා දුන්නට විභාගයට මුහුණ දෙනකොට ඔහු එන්නැහැනේ පිළිතුරු ලියන්න. අන්න ඒ වගේ තමයි මමත් සියල්ලටම තනියම මුහුණ දෙනවා. අධ්‍යක්‍ෂණය කියන්නේ පහසු කටයුත්තක් නෙවෙයි.
ඔබ මේ ක්‍ෂේත්‍රයට දරුවන් රැසක් බිහි කළ මවක්. ඔවුන් නිර්මාණ තුළ දකින සතුට කොයි වගේද?
මගේ දරුවන්ගේ දෙවැනි අම්මා විදියට තමයි ඔවුන් මට සලකන්නේ. ඔවුන්ගේ මවට දැනෙන සතුට මටත් දැනෙනවා. සමහර අවස්ථාවල ඒ දරුවන් සමඟ මටද රඟපාන්න සිදුවෙනවා. මගේ දරුවෝ මේ ක්‍ෂේත්‍රයේ විවිධ අංශවල වැඩ කරනවා. ඒ සියලුමදෙනා මගේ රංග පාසලෙන් බිහිවුණු දරුවන්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහබැංකු අධිපති-ඉහළ නිලධාරීන් නිරෝධායනයේ

Next Post

බමුණන් මවිතයට පත්කළ සිදුහත් කුමරුගෙ හඳහන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.