එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්වී ඇති සාකච්ජාවකදී පක්ෂය දෙකඩ කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන ලෙසට දැඩිව උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (08) රාත්‍රි 08.00ට ආරම්භ වී පැයක් පුරා පැවැත්වී ඇති මෙම රැස්වීම සදහා පසුපෙළ මන්ත්‍රිවරුන් 15 දෙනකු සහභාගී වී සිට ඇති අතර එහිදී ලක්ෂ්මන් විජේමාන්න හා හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට ජනපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට සදහන් කොට ඇත.
මන්ත්‍රීවරුන්ගේ මෙම අදහස් දැක්වීමට ඉතා සාවධානව සවන් දී ඇති අගමැතිවරයා අවසානයේදී සදහන් කොට ඇත්තේ පක්ෂය දෙකඩ කරන කිසිදු වැඩපිළිවෙළකට සහාය නොදක්වන ලෙසත්, පක්ෂය ගන්නා අවසන් තීන්දුව සමග කටයුතු කරන ලෙසත්ය