කොරෝනා වෛරස හේතුවෙන් මාළු පරිභෝජනයට ගැනීමට බියවී සිටින ජනතාවගේ බිය දුරු කිරීම සඳහා හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අමු මුළු පරිභෝජනයට ගැනීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබේ.
ජනතාවගේ බිය නැති කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා කළ මෙම ක්‍රියාව අගය කළ යුත්තක් බව කී එම වාර්තා කළ ජාත්‍යන්තර මාධ්‍ය වන්නේ, ස්කයි නිවුස්, යාහූ නිවුස්, ඩේලි මේල්, ගල්ෆ් ටුඩේ, ද ටෙලිග්‍රාෆ්, සී.එන්.එන්. නිවුස් යන මාධ්‍ය ජාලයන්ය.















