සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම පවතී.
ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










