• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවුරුදු 84යි – මම තාමත් ජනප්‍රියයි

November 17, 2020
in Heart
Reading Time: 3 mins read
A A
අවුරුදු 84යි – මම තාමත් ජනප්‍රියයි
Share on WhatsAppShare on Facebook

මට මං ගැනම ආත්මවිශ්වාසයක් තියෙනවා…

මුවන්පැලැස්සෙ නාමලී වුණේ පන්දම් තල්ලු නැතිව…

60 සහ 70 දශකයේ සවස් භාගය පසුවන යාමයට ගුවන්විදුලි යන්ත්‍රය වටේම අසන්නන් පුටු තබා ඉඳගන්නා කාලේ ජනප්‍රියම නාට්‍ය මාලාව විදියට ඉහළ තැනක තිබුණේ ‘මුවන්පැලැස්ස’ කතාවය. එහි ප්‍රධානම චරිතයක් වූ නාමලී වෙනුවෙන් හඬදුන් තරුණිය වූයේ නෙතලි නානායක්කාරය. මිහිරි හඬකින් අසන්නන්ගේ දෙසවන් සැනසූ හැඩකාර නෙතලිව ඒ දවස්වල කවුරුත් වාගේ හැඳින්වූයේද ‘මුවන්පැලැස්ස නාමලී’ යන අන්වර්ථ නාමයෙනි. දශක ගණනකට පසු ඒ නාමලී මුණගැසී කතාබහ කරන්නට අපට ඕනෑ විය. ඒ මුවන්පැලැස්ස ගැන කතා කරන්නට පමණක්ම නොව පසු කලෙක ටෙලි කතාවනට හවුල්වූ ඈ සමඟ ‘වීරයා ගෙදර ඇවිදින්’ නාට්‍යයේ අන්ධ සොල්දාදුවාට දයාව පෑ ඇස් නොපෙනෙන කට සැර මැහැල්ල ගැනද අලංකාර කතාබහක යෙදෙන්නට අපට අවැසි වූ නිසාය. ඉතින්, මේ අකුරු වන්නේ ඒ සතුටු සාමීචියේ සොඳුරු අහුමුලුය.
පළමුව ඔබ ගැන ඔබ විසින්ම කෙටි හැඳින්වීමක් කරන්නේ නම්?
‘කෙටි’ යනුවෙන් සඳහන් කළ නිසා මම එය කෙටියෙන්ම කියන්නම්. මම නෙතලි නානායක්කාර. රසිකයන් අතර මා වඩාත්ම ජනප්‍රිය වූයේ මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ නාමලීගේ හඬ හරහායි. අද මම දූ දරු මිණිබිරියන් මුණුබුරන් සිටින වයස 84ක මිත්තණියක්. සතුටට කාරණය වන්නේ මම තවමත් රඟපානවා. මේ දවස්වල ‘සත්‍යා’ ටෙලිඩ්‍රාමා එකේ රොෂාන් රවීන්ද්‍රගේ මිත්තණිය ලෙස මම ප්‍රේක්ෂකයන් අතර රැඳී සිටිනවා.
ගුවන්විදුලියට පැමිණියේ ළාබාල කෙල්ලක කාලේ?
ඔව්. එතකොට මට වයස අවුරුදු විස්සයි. අද වාගේ නෙමෙයි ගුවන්විදුලි සංස්ථාව වාගේ තැනකට යන්න ඒ දවස්වල බොහොම අමාරුයි. පන්දම් තල්ලු නැහැ. හැමදේම සිදුවුණේ බොහෝ විට හැකියාව මතයි. පාසල් වේදිකාව මත ඒ කාලේ කලා කටයුතුවල නිතර නියැලුණු නිසා මගේ හැකියාව දැක්ක මහත්තයෙක් මට ඉල්ලුම් පත්තරයක් ගෙනත් දුන්නා. ඔහු කිව්වා මේ දවස්වල ගුවන්විදුලියේ නිවේදිකාවන් තෝරනවා ඔයාගේ හඬ හුඟක් හොඳයි මේ ඇප්ලිකේෂන් එක පුරවන්න කියලයි. මම බොහොම ආසාවෙන් එය පිරෙව්වා.
ඔබව තේරෙයි කියලා අනුමානයක් තිබුණාද?
ඔව්. මට මං ගැන ආත්ම විශ්වාසයක් තිබුණා. ඒ වාගේම මාව පළමු පරීක්ෂණයෙන් සමත්වුණා. ඉන් පස්සේ තවත් පරීක්ෂණ කිහිපයක්ම තිබුණා. අවසානයේ මාව තෝරා ගත්තේ පළමු ශ්‍රේණියටයි.
අසන්නන් අතර ඔබ ජනප්‍රිය වුණේ මුවන්පැලැස්ස නාමලී හරහා?
අසීමිතව නාමලීගේ හඬට අසන්නන් ප්‍රිය කළා. මුදලි සෝමරත්න කියන ගැමිකමට ප්‍රිය කළ කලාකරුවා විසින් තමයි එය අධ්‍යක්ෂණය වුණේ. මගතොටේ ඒ දවස්වල මට යන්න බැරි තරමට මගේ හඬ ජනප්‍රිය වුණා. හැමෝම ‘අන්න මුවන්පැලැස්සේ නාමලී යනවා’ කියන කොට මම හැරිලා බැලුවේ හරිම අහිංසක ආඩම්බරයකින්. නාමලී විතරක් නෙමෙයි උක්කුබණ්ඩා, කෝරලේ මහත්තයා, කදිරා කියන චරිතයන්ද පුදුම විදිහට ජනප්‍රිය වුණා ඒ කාලේ.
නාමලීගේ චරිතය විටින් විට යම් හැල හැප්පීම්වලට බඳුන් වුණු බව ආරංචියි?
ඔව්. නාමලී යන නමත් මුවන්පැලැස්ස නාට්‍යයත් යම් දේශපාලන මතභේදයක් නිසා නොයෙක් ගැටලුවලට මුහුණ දුන්නා. මුවන්පැලැස්ස නව මුවන්පැලැස්ස වුණා. නාමලීගේ චරිතයෙහි නමද විටින් විට කොමලී, බිනරමලී යන ආකාරයට වෙනස්වීම්වලට ලක්වුණා.
80 දශකයට ආසන්න වන විට එය ජනප්‍රියත්වයෙන් බැහැරට ගියේ දේශපාලන මතභේද නිසාද?
නැහැ. එයට හේතුවූයේ මුවන්පැලැස්ස විකාශනය කරන්නට අනුග්‍රාහකයන් නොමැති වීම නිසයි. කියන්න කනගාටුයි රූපවාහිනිය ශ්‍රී ලාංකේය නිවෙස්වල ආලින්දයට පැමිණෙද්දී මුවන්පැලැස්ස අසන්නන් විසින් අතහැර දැමුවා.
ඔබේ සිතට එය එදා දුකක් වුණාද?
දුකක් දැනුණත් මොනව කරන්නද? කාලය විසින් යම් අරුමැසි වෙනස්කම් කරවනවා. අප ඒ අනුව එයට මුහුණදිය යුතුයි.
ටෙලි කලාවට මැදිවුණේ ඒ මුහුණදීමට පිළිතුරු වශයෙන්ද?
ටෙලි කලාවට මම මැදිවුණේ එක්දහස් නවසිය අසූ ගණන්වලයි. වජිරා ගුවන්විදුලි නාට්‍යයේ වජිරගේ අම්මා ලෙස රඟපෑ මම වජිරා නාමයෙන්ද වජිරාගේ අම්මා වුණා. ආරාධනය ලැබුණේ ආනන්ද සිරිසේන මහත්තයගෙන්. වජිරා ගුවන්විදුලි නාට්‍යය නිර්මාණය කළේද ඔහු තමයි.
‘වීරයා ගෙදර ඇවිදින්’හි අන්ධ මාතාව ප්‍රේක්ෂකයන් අතර දැඩිව ජනප්‍රිය වුණා?
හැමෝම ඒ ගැන නිතර කතාබහ කරනවා. හරිම ලස්සන තිර නාටකයක්. ආනන්ද අබේනායක මහත්තයට මම ස්තුති කරනවා ඒ අන්ධ අම්මාගේ චරිතයට මාව තෝරාගැනීම ගැන. මගතොටදී සමහරදෙනා මගේ ළඟට ඇවිත් අදටත් අහනවා කොහොමද ඔයා ඒ තරම් අපූරුවට ඒ අන්ධ අම්මා විදිහට රඟපෑවේ කියලා. තවත් අය කියනවා ‘අනේ ඔයා ඒ රඟපාන්නේ අපේම අම්මම තමයි’ කියලා. අනේ ඉතින් මට හරිම සතුටුයි. අසූ හතරේ මැහැල්ලක වෙලත් අදටත් මම ප්‍රේක්ෂක ප්‍රතිචාරයට බඳුන්වෙනවා නේදැයි කියලා හිතෙනකොට මම වාසනාවන්තයි කියලා දැනෙනවා. ඒ වගේම මේ දවස්වල ‘සත්‍යා’ ටෙලිකතාවේ විජිතගේ ආච්චි අම්මා ගැනත් ප්‍රේක්ෂකයන් කතාබහ කරනවා. ඔවුන් මට කියනවා මම දුක හිතෙන විදියට කතා කරනකොට ඔවුන්ගේ ඇස්වලට කඳුළු උනනවා කියා. ඒ ප්‍රතිචාර ආදරණීයයි අව්‍යාජයි.
ඔබ සැඳෑ සමය තුළ බොහෝ තෘප්තිමත්ව දවස ගෙවනවා?
ඇත්තටම කියනවා නම් එය එහෙමයි. නිරෝගීව සිටියහොත් මම තවදුරටත් රඟපාන්න ආසයි. රූගත කිරීමක් නැති මොහොතක මම මැහුම් ගෙතුම් කරනවා. මගේ දූලට මාගේ මිණිබිරියන්ටත් ඇඳුම් මසනවා. මේ හැමදේ තුළින් මා බෙදාදෙන්නේ සතුට සහ ආදරයයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ට්‍රම්ප්ට පසු කොරෝනාවේ ඊළග බිල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දෛවය වෙනස් කරන සීසර් සැත්කම්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.