මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා කරමින් අවුරුදු 80ක් වු පානදුර ප්රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවු හෘදයාබාධයක් ලෙස දක්වා තිබේ.










