තරුණ අරමුදලක් පිහිටුවීම (Youth trust fund) මගින් කුඩා ව්‍යාපාරවලට ණය සහන ලබා දීමටත්, අසාදු ලේඛනගතව ව්‍යාපාරික කටයුතු කරගැනීමට නොහැකිව සිටින ප්‍රජාවට ණය ලබාදී ඔවුනගේ ව්‍යාපාර සහ ජීවන තත්වය උසස් කිරීමටත් කඩිනම් විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු සභාපති, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
දිස්ත්‍රික් 25 පුරාම ක්‍රියාත්මක “ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ” තවත් එක් වැඩසටහනක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු සභාපති, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර තරුණ ප්‍රජාව තුල ඇති ගැටලු නියමාකාරයෙන් හඳුනාගෙන විසඳුම් ලබාදීම මෙන්ම ඔවුන්ට රැකියා සහ ව්‍යාපාර අවස්ථාවන් ලබාදීම සම්බන්ධයෙන් එහිදී අවධානයක් යොමු කෙරිණි.
තරුණ ප්‍රජාව අතර ගොවිතැන ප්‍රවර්ධනය කිරීම, සංගීතය, කලාව ප්‍රවර්ධනය කිරීම සහ තරුණ තරුණියන්ගේ දක්ෂතා හදුනාගෙන ඔවුන්ව නිසි මාර්ගයන්ට යොමුකිරීම,ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ අඩුම පොලියට (5.5%) ණය ලබාදී ඔවුනගේ ජීවන තත්වය උසස් කිරීමට සහය වීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ග්‍රාමීය මට්ටමින් වෘත්තීමය ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම දුෂ්කර පලාත්වල සිටින දක්ෂතා ඇති ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බවට පත්කිරීම සඳහා ඔවුන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.
දුෂ්කර දිස්ත්‍රික්ක වල පාසල් ගුරු හිඟය ඉතාමත් දැඩි ලෙස පවතින බව නිළධාරීන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව එම ගැටළුව සදහා කඩිනමින් විසදුම් ලබා දීමටද තීරණය කෙරිණි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 12,000 ක් පමණ මෙම දිස්ත්‍රික් වල ජීවත් වන බවත්, ඔවුන් සඳහා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මධ්‍යස්ථාන නොමැති බව පෙන්වා දෙන ලදි. ඒ සදහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙහිදී බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙරට බැංකු පද්ධතිය කුඩා ව්‍යාපාරිකයන් නොසලකාහැර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අනවශ්‍ය තරමටම උදවු කරන බව මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ඉදිරියේදී එම බැංකු සංස්කෘතිය වෙනස් කරගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් හුවමාරු කරගන්නා ලදී.


මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එච්.එම්. චාල්ස් මැතිණිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, සමාජිය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ රාජ්‍ය අමාත්‍යවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.










