• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය ඉන්දියාවට පහර දෙන්න ඔන්න මෙන්න

November 10, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
චීනය ඉන්දියාවට පහර දෙන්න ඔන්න මෙන්න
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු රජය විසින් ඉන්දීය දේශ සීමා ආසන්නයේදී ඉදිරියේ දී ගනු ලැබිය හැකි බවට උපකල්පනය කෙරෙන කවර ආකාරයක හෝ හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම්ව ස්ිටින ලෙසට චීනය, මධ්‍යම හමුදා කොමිසමෙන් සිය දේශ සීමා රැක්මේ යෙදී සිටින හමුදා කාණ්ඩවලට (ඒකක) සහ අණදෙන නිලධාරීන්ට ආඥාවක් පසුගිය අගෝස්තු විහි අට වැනි දින (2020.08.28) පනවා තිබේ.

තමන් සිටින ස්ථානයට කවර අන්දමක හෝ තර්ජනයන් එල්ලවේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය බලය යොදවන ලෙසට සෙසු හමුදා බලධාරීන්ටද එම අධිකාරි බලය පවරා තිබේ. මේ නියෝගයේ අර්ථය යමක් සිදුවෙමින් පවත්නා චීනයට බටහිර ප්‍රදේශයේ තිබ්බතය අරමුණු කරමින් පීඩාකාරී මෙහෙයුමකට කොළ එළිය දැල්වීමද?

චීනය දෙදහස් දහහතේදී 2017) ඩොක්ලාම් ප්‍රදේශයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියෝග කළ ආකාරයද මෙමගින් සිහිගැන්වේ. ජයදේව් රන්දේ ප්‍රකාශ කරන අන්දමට දේශසීමා රැක්මේ යෙදෙන කාණ්ඩවලට සහ එම අණදෙන නිලධාරීනට දේශ සීමා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම හමුදා කොමිසමෙන් අධිකාරි බලයක් රහිතව නොහැකිය. ඒ හේතු කාරණා අනුව පැහැදිලි වන්නේ චීනය ඉන්දියාවට එරෙහිව නැගෙනහිර ලඩක් ප්‍රදේශයේ පහරදීමකට අරඅඳින බවය. පැහැදිලිවම දක්වන්නේ නම් අලුත්ම ක්‍රමයකට යුද්ධයකට සූදානම් වන බවය. ඉන්දියාව පවසන්නේ එ වැනි ක්‍රියාකාරකමක් චීනය කළ හැකි බවය.

චීනය ලඩක් ප්‍රදේශබදව කෙරෙන ආක්‍රමණශීලී හමුදාමය ක්‍රියාකාරකමට කරුණු දෙකක් මුල්වේ. පළමුවැන්න භූගෝලීය වැදගත්කමය. එය එක්දහස් නමසිය හැට දෙකේ නොවැම්බර් විසි වැනි දින පැවති තත්ත්වය ඉක්මවා යාමට චීනය, මධ්‍යම හමුදා කොමිසම අපේක්‍ෂා කරයි.

චීනය වර්තමාන මෙහෙයුම් අරමුණු කර ඇත්තේ 2017 පශ්චාත් ඩොක්ලාම් තත්ත්වයයි. චීනය අවසාන වශයෙන් කිරීමට අපේක්‍ෂා කරන්නේද ඒ තත්වයයි. නැගෙනහිර දේශ සීමා අර්බුදය සම්බන්ධයෙන් සමතයකට පැමිණිමේදී සාමය ස්ථාපනය කිරීම සඳහා එළැඹුණු ගිවිසුම්ද චීනය විසින් නිර්ලජ්ජී අන්දමට උල්ලංඝනය කරණු ලැබිණි.

චීන ජනාධිපති ෂී ජින් පින් පසුගිය ජනවාරි විසි වැනිදා සන්නද්ධ බළකායන්හි පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සක්‍රීය නියෝගයක් අත්සන් කෙළේය. සැබෑ යුද්ධයකදී කෙරෙන තත්ත්වයේ පුහුණුවක් ඊට ඇතුළත්විය යුතු බව නියෝගයේ අවධාරණය කර තිබිණි.

චීන, මධ්‍යම හමුදා කොමිසම නවීනතම අවි යොදා ගනිමින් මහා පරිමාණයේ හමුදා පුහුණුවක් තිබ්බතයේ ආරම්භ කර ඇති බව චීන රජයෙන් පවත්වා ගෙන යනු ලබන “ග්ලෝබල් ටෛම්ස්” පුවත්පතේ පසුගිය ජනවාරි හය වැනි දින පළවිය. මේ පුහුණුව සියලු දේශ සීමා පෙරටු කොට ගෙන පැවැත්වෙන බවද එහි සඳහන් විය.

චීන රජය මෙවර වාර්ෂික හමුදා පුහුණුව මේ අන්දමින් දේශ සීමා ඉලක්ක කර පවත්වන්නේ කුමක් නිසාද?
එය ඉතාම පැහැදිලි කරුණකි. පැහැදිලි වන ධර්මය මෙසේය.
සන්නද්ධ කණ්ඩායම් (හමුදාව) සීරුවෙන්ම ගැල්වන් නිම්නය තරණය කර නැගෙනහිර ලඩක් ප්‍රදේශයට රිංගීමයි.
“ඈඳාගැනීම්” (අත්පත්කර ගැනීම්) යන මාතෘකාව යටතේ පසු ගිය මැයි පස්වැනිදා පුවත්පතක (බයිදු) පළවූ ලිපියක “රුයිකු” ප්‍රදේශය ජපානයත් “සිකීම්” ප්‍රදේශය ඉන්දියාවත් ඈඳාගත් ආකාරය පිළිබඳව එම ලිපියේ විස්තර කර තිබිණි. එහි වැඩිදුරටත් සඳහන් වූයේ සිකීම් පළාත ඓතිහාසික වශයෙන් බැලුවද චීනයට අයත් බවකි. එය විසි එක් වැනි සියවසේදී බි්‍රතාන්‍ය අත්කර ගත් බවය.

කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිකීම් රාජ්‍යයට” ශ්‍රී ලංකාවට” ඉන්දියාවට මෙන් නිදහස ලැබුණේ නැත. එහෙත් නිදහස ලබා ගත් ඉන්දියාව වහාම සිකීම් රාජ්‍ය තමන් සන්තක කර ගත් බව එහි විස්තර කර ඇත. මේ ගැන චීනය ආරාවුල් කෙළේය. එහෙත් සිකීම් රාජ්‍ය ඉන්දියාවට අයත් බව ජත්‍යන්තරයේ මතය විය.

“බයිදු” පුවත්පතේම (2020.05.05) පළවූයේ ඉන්දියාව යළිදු දේශ සීමා ගැටුම් පටන් ගෙන ඇති බවයි. ද සන්ඬේ ගාඩියන් පුවත්පතේ දෙදහස් විස්සේ මැයි දහසය වැනිදා පළ වී තිබුණේ චීනය සිකීම් සහ ලඩක් කෙරෙහි පළමුවෙන්ම අරමුණු කළේ ඇයි යනුවෙන් ප්‍රවෘත්තියකි.
චීනය පෑංගොං ට්සෝ උතුරු ඉවුරේ කිලෝමීටර් අටක (68) වපසරිය ඇති ප්‍රදේශයක් මේ වර්ෂයේ (2020) මැයි මුලදී අල්ලා ගත්තේය. එවක් පටන් එම කොටස අත්නොහැරීමට චීනය තිරිසන් අන්දමින් කටයුතු කරයි. එම ප්‍රදේශය නිරීක්‍ෂණය කළ හැකි කඳු මුඳුන් අටක් ඇති සංයුතියකි.

කොරෝනා වෛරස මාරයා ගැන එතරම් තැකීමක් නො කරන චීන ජනාධිපති ෂී ජින් පින්ප සුගිය මැයි විසි පස් වැනිදා (2020.05.25) සිට යුද පුහුණුව තවදුරටත් වර්ධනය කර සංග්‍රාමයකට සූදානම් වීමට නියෝග කර තිබේ. රටේ සෛවරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා එ සේ කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ගැල්වාන් මිටියාවතේ ගැටුම ඇති වූ මේ වර්ෂයේ ජුනි පහළොස් වැනිදා (2020.06.15) සිට ඒ ප්‍රදේශයේ කෙරෙන ක්‍රියාදාමය එතරම් ලඝු කොට ඉන්දියාව නොතකයි. මන්ද බලඇණි ගණනාවක් ප්‍රදේශයේ සංසරණය වන බැවිනි. එමෙන්ම බටහිර ප්‍රදේශගත කණ්ඩායම් ඒකරාශී කෙරෙන හෙයිනි. සමස්ත චීනයම සංග්‍රාමයකට සැරසෙන බවක්ද වාර්තා වී තිබේ. යුද අගල්ද, බංකර්ද ඉදිකෙරේ. බර වාහන සැරිසරයි. බර අවි ගෙනයනු ලබන බව වාර්තා වී ඇත. සිදුවීමට යතැයි කියන යුද්ධය මීට පෙර පැවති තත්ත්වයට වෙනස් ආකාරයේ එකක් යැයි කියන්නේද එබැවිනි.

ලඩක් ප්‍රදේශයේ සීරුවෙන් සහ අවධානයෙන් සිටින ඉන්දියානු හමුදා කණ්ඩායම් ස්ථානගත ස්ථානවලට ඉකුත් අගෝස්තු විසි අට සහ විසි නමය (2020.08.28-29) දින රාත්‍රියේ වීන භට පිරිස් දකුණු බෑවුමෙන් රිංගීමට උත්සාහ දරන බවට ආරංචියක් ලැබිණ. ඉන් පසුව ඉන්දියානු හමුදා උතුරු සහ දකුණු ඉවුරු යන දෙඅංශය පිළිබඳවද ආරක්‍ෂාව යොදා ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා අගෝස්තු තිස් එක් වැනිදා (2020.08.31) රාත්‍රි සිදුවීම පිළිබඳව නිකුත් කළ නිවේදනයකින් පවසන්නේ දෙරට විසින් එළඹෙනු ලැබ තිබූ ගිවිසුම් උල්ලංඝනය කරමින් චීන භට පිරිස් නැගෙනහිර ලඩක් ප්‍රදේශයේදී කටයුතු කර ඇති බවයි. තමන් ඒ සඳහා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත් බවයි. මින් අනතුරුව ඉන්දියානු හමුදා චුසුල් බෝල් ආරක්‍ෂාව තර කර තිබේ. දක්‍ෂිණ හමුදා අණ දෙන නිලධාරි ලුතිනන් ජෙනරාල්වරයා පැවසුවේ මේ කාර්යය මෙයට ඉස්සර කළ යුතුව තුබූ දෙයක් බවයි.

ස්පැනග්ගුර් ලෙසින් හැඳින්වෙන ඉන්දියාව සහ චීනය අතර දේශ සීමා ප්‍රදේයට චීනය විසින් යුද ටැංකි ගෙනෙනු ලැබ ඇත. ඒ ස්ථානය ආසන්නයේ තිබූ කුඩා හමුදා කණ්ඩායම සොල්දාදුවන් පන්දහසේ සිට හත් දහසක් (5000-7000) තරම් ප්‍රමාණයක් දක්වා වර්ධනය කෙළේය. ඉන් නොනැවතුණු ඔවුන් එවක් පටන් ඉන්දියානු හමුදාවට දෛනික තර්ජනයක් වී තිබේ.

ඉන්දියානු හමුදාව සිය සීමා ආවරණය කෙරෙන අන්දමින් කටුකම්බි බාධක යොදමින් ආරක්‍ෂාව ගොඩනගා ගෙන ඇත. එමතුද නොව යම් හෙයකින් කටුකම්බි බාධක ඉක්මවා පැමිණිම “වැඬේ අනාගැනීමක්” වන බවට ඉන්දියානු හමුදා චීන හමුදා කණ්ඩයට අනතුරක්ද අඟවා තිබේ.
කෙසේ වෙතත් පසුගිය අගෝස්තු විසි නම වැනිදා රාත්‍රියේ චීන හමුදාව ඒ කටුකම්බි බාධකය ඉවත් කිරීමට උත්සාහ දරා තිබේ. පුංචි පහේ උණුසුම් තත්වයක්ද සිද්ධියෙන් ඇති වී තිබේ. ඔවුනට ආපස්සට යන ලෙසට ඉන්දියානු භටයින්ගෙන් නිකුත් වූ තර්ජනයෙන් පසු චීන සෙබළුන් පසු බැස අහසට වෙඩි තබන්නට පටන් ගෙන තිබේ. ඒ ඉන්දියානු හමුදාව කුපිත කර ගැනීමටය.

කඳු මුදුන්හි කෙරෙන යුද කටයුතු පිළිබඳව සිතා ගැනීමට එක්දහස් නමසිය අනූවේදී (1990) කාර්ගිල් සටන ප්‍රමාණවත්ය. කඳුමුදුන් අත්පත් කර ගෙන සිටින්නාවූ කණ්ඩායම් වඩාත්ම ප්‍රතිලාභ ලබන්නෝය. ඉන්දියාව පාකිස්ථානු හමුදා කාර්ගිල් ප්‍රදේශයෙන් පන්නා දැමීමට හමුදා ශක්තිය වර්ධනය කෙළේ එබැවිනි.

එවක් පටන් පෑංගොං ට්සෝ දක්‍ෂීණ ඉවුර ඉන්දියානු හමුදා පාලනයට නතුව තිබේ. මේ වන විට වාර්තා වී ඇති අන්දමට චීන හමුදා පෑංගොං ට්සෝ උතුරු ඉවුරේ සිය හමුදා බලය ශක්තිමත් කරමින් ඉන්දියානු හමුදා ස්ථානගත ව සිටින ඉලක්ක කරා ආසන්න වෙමින් සිටියි.

“කෛලාශ් කඳු වැටියේ බලය තහවුරු කර ගෙන සිටින්නේ යමෙක්ද ඔහු සියලු ප්‍රවේශ මාර්ග පාලනය කරයි” යන්න ජෙනරාල් පෑං පැවසුවේ එහෙයිනි’ උද්ගතවන උණුසුම්කාරී තත්ත්වයෙන් ප්‍රත්‍යක්‍ෂවන්නා වූ සංඥාව චීනය සමස්ත ලඩක් ප්‍රදේශය සිය පාලනයට ගැනීමය.

මේ කරුණු සියල්ල අධ්‍යයනය කර බලන කල්හි ඉතා පැහැදිලි වන කරුණු දෙකකි. පළමුවැන්න මේ දක්වා චීනය සමග දේශ සීමා සම්බන්ධයෙන් දෙරට එළඹ සිටින ගිවිසුම් සහ එකඟතා සියල්ල චීනය විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බවය. දෙවැන්න ඉන්දියාව ප්‍රථම වතාවට චීන අණසකින් තොර ලඩක් ප්‍රදේශයේ සිය බලය පැතිරීමය.

මොනවා වුවත් මේ කරුණු ජාත්‍යන්තරයේ මැදිහත්කමක් ඇතිව හෝ නැතිව හෝ යළිදු ගිවිසුම් සහ එකඟතාවකට යාමේ මාර්ගයකට අවතීර්ණ වීමක් සිදුවේ. එසේම චීනය හා ඇතිවන ගැටුමේ ප්‍රථම පාඩමද මතුවේ.

(මාර පුත්‍ර)

SendShareShare
Previous Post

පැන් කළ අතෑරීම ගැන ගම්මන්පිල දුන් උත්තරේ (රාජ්‍ය රහස්)

Next Post

මැ.කො. යයි: අලුත් සභාපති නිමල්!

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.