මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් පුංචිහේවා මහතා පත්කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් මේ වනවිට විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින අතර කොමිසමේ නිල කාලය 12 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා මහතා පත් කෙරෙනු ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ මහතා මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.