ආණ්ඩුවේ බලගින්න හේතුවෙන් ජනතාවට අද බඩගින්නේ සිටින්නට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ අසාර්ථක බව කෙතෙක්ද කියනවා නම් අද පොලොන්නරුවේවත් සහල් නොමැති බව පෙන්වා දුන්නේය.
ආණ්ඩුව බලයට ආ සැණින් ජනතාවට සහන දෙනවා වෙනුවට කළේ ව්‍යාපාරිකයන්ට සහන දුන් බව පෙන්වා දුන් ඒ මහතා ආණ්ඩුවේ බලගින්න හේතුවෙන් රට පුරා කොරෝනා ව්‍යාප්ත වුවත් මැතිවරණය පැවැත්වීම සහ 20 වන සංශෝධනය සම්මත කරගත් බව කීවේය.
ආණ්ඩුව කොරෝනා කළමනාකරණය වරද්දාගෙන ඇති බව පෙන්වා දුන් වික්‍රමරත්න මහතා හෝමාගම ප්‍රදේ්ශයේ ආබාධිත දරුවකු සියදිවි නසාගැනීමේ සිදුවීම ඊට හොද නිදසුනක් බවද පෙන්වා දුන්නේය.
මෙහිදී ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් ජනතාවට අවශ්‍ය උපකාර ලබා දීම සදහා දුරකතන අංක කිහිපයක්ද ලබා දීමට ඒ මහතා පියවර ගත්තේය.










