තමන් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වන බවට යම් පිරිසක් මාධ්‍ය ප්‍රචාරයක් රැගෙන යන බවත්, මෙය තමන්ට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අවධාරණය කළේය.
මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් හෙතෙම පෙන්වා දුන්නේ් මෙම මඩ ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය නායකයා බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත්ය.
එමෙන්ම මේ මොහොතේ රටේම ජනතාව කොරෝනාවෙන් අසරණ වී සිටීන බව පෙන්වා දුන් ඒ මහතා ආණ්ඩුව හැකි ඉක්මණින් ජනතාවට සහන සැලසිය යුතු බවද පෙන්වා දුන්නේය.










