• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වල් අලිත් මෙල්ල කළ යක්ෂ කෙල්ලෝ

November 3, 2020
in Holiday
Reading Time: 5 mins read
A A
වල් අලිත් මෙල්ල කළ යක්ෂ කෙල්ලෝ
Share on WhatsAppShare on Facebook

යන්න පුළුවන් වෙයිදෝ බැරි වෙයිදෝ කියන සිතුවිල්ලත් එක්ක සේරම ලෑස්ති කරගත්තු ගමනක්, ඒ වගේම එනවා කියපු අය ඒවිදෝ කියන බයත් හිතේ තිබුණා, ඒ සේරටම හේතුව මේ ගමන යොදාගත්තේ අගෝස්තු 6/7 වීම. කවුරුත් දන්නවා වගේ මහ මැතිවරණයෙන් පස්සේ දවස් දෙක තමයි අපි මේ ගමනට යොදාගත්තේ.

ගමනට කෙල්ලෝ 8ක් වගේම කොල්ලෝ දෙන්නෙකුත් හිටියා. ඒ කොල්ලෝ දෙන්නා අපේම සහෝදරයෝ. නැත්නම් ඇත්තටම ඒ ගමන අපි ලෑස්ති කළේ සුපුරුදු පරිදිම ගැහැණු ළමයි විතරක් යමු කියලා. මොකද walk with chathu wfma team එක ගොඩක්ම travel කරන්නේ ගැහැනු ළමයින් එක්ක විතරයි. මේ ගමනට මං ෆෙස්බුක් එකෙන්ම අඳුනගත්ත ඉතාමත් පළපුරුදු ටමසාැ කෙනෙක්ව සහභාගී කරගත්තා. ඒ තමයි නිලාන් එරන්ද මල්ලි.

ගමනේ නවාතැන යහන්ගල කන්ද. පිහිටා තිබෙන්නේ මහනුවර උඩුදුම්බර කළුගල ග්‍රාමයේ. ගමන අපි පටන් ගත්තේ උදේ 9.30ට නුවරින්. වෑන් එකට අපි කිව්වේ කළුගලට යන්න ඕනෑ කියලා. වෑන් එකට නැග්ගට පස්සේ ඇත්තටම සෙට් එක එකට ඉන්න නිසා කියවිල්ලයි උදේ කෑම ගැනීමයි නිසා ගොඩක් දුර ගියාට පස්සේ තමයි දැක්කේ මේ යන්නේ කිතුල්ගල කළුගලට කියලා. ඉතින් වෑන් එක ආයෙම හරවගෙන අපි ගියා අපිට යන්න ඕනෑ කළුගලට ගියා. උඩුදුම්බරින් වෑන් එකට නිලාන් මල්ලි නැග්ගා.

අපි යහන්ගල නගින්න කලින් ගෙදරකට ගිහින් මූණ අතපය සෝදගත්තා. එතැනින් දවල්ටත් කෑම කාලා අපි පිටත් වෙනකොට වෙලාව හවස 2.30ට විතර ඇති. අපේ කණ්ඩායම කඳවුරු භූමියට යනකොට වෙලාව හවස හතරට වගේ වෙන්න ආවා. එතැන අපේ එක එැබඑ එකක් ගහපු අපි ඉ්ටි ටිකත් එහෙමම ඒකට දාලා ටමසාැ ගේ මඟ පෙන්වීම මත යහන්ගල නගින්න ගියා.
ඇත්තටම එදා පුංචි වැස්සකුත් තිබුණ නිසා කලින් දැනගත්ත විස්තරත් එක්ක යහන්ගල නගින්න ගියේ ලිස්සයිදෝ කියන බයකින්. කොහොම නමුත් අපි හැමෝම යහන්ගල නැගලා ඒ ගැන පැහැදිලි විස්තරේකුත් guide ගෙන් දැනගෙන තමයි ආයෙමත් පහළට ආවේ.

රාවණා පුරාවෘත්තය හා සම්බන්ධ අවස්ථා කිහිපයකටම නෑකම් කියන යහන්ගල අද වන විට කඳු නගින්නන්ගේ අපූරු තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. යහනක් හෙවත් ඇඳක් ආකාරයේ පිහිටීම නිසා මෙලෙස නම් ලද මෙය හුන්නස්ගිරි කඳු වළල්ලේ එක් කඳු ශිකරයක්.
යහන්ගල ගැන ඇති ජනප්‍රවාදය නම් මෙම පර්වතය තුළ රාවණා රජුගේ සිහිමූර්ජ වූ සිරුර තැන්පත් කර ඇති බවයි. රාම රාවණා යුද්ධය ලකේගල හා රැහැස්ස අතර පැවතුණ හෙයින් රාවණා රජුගේ දේහය යහන්ගල ඇතුළේ තැන්පත් කර ඇතැයි විශ්වාස කරනවා. තවද රාවණා රජු සීතා දේවිය සඟවා තැබුවේ ද මෙම කන්දේ බවත් සඳහන් වෙනවා.

කෙසේවෙතත් පසුකාලීනව මෙහි බණ භාවනායෝගීව ජීවත් වූ සෘෂිවරයෙක් හෝ ආගමික සාන්තුවරයෙක් විසූ බවට සාධක තියෙනවා. කටාරං කොටන ලද ගල් ලෙනක් ද මෙහිදී දැක ගන්න පුළුවන්. කඳවුරු භූමියට අපි නැවත එනවිට රෑ 7.15ට වගේ ඇති. ආපු ගමන් ඉතුරු tent ටිකත් ගහගත්තා අපි. tent ගහලා ඉවර වුණාම තමයි දන්නේ ඒක අලි යන පාරක් කියලා.
ආපු අනිත් මල්ලිලා දෙන්නා එක්ක guide මල්ලි හතර වටේට දුවලා දරකොට ගොඩක් ගෙනාවා. ගෙනත් තෙමිලා තියෙන දර කොට වලින් ලොකු ගිනිමැලයක් ගැහුවා. තෙමුණු දර වලිනුත් ගිනි මැලයක් ගහපු යක්ෂ කොල්ලෙක් ටමසාැ මල්ලි. ඊට පස්සේ පානුයි ජෑමුයි ඇස්ට්‍රයි තමයි අපේ රෑ කෑම වුණේ. team එකේ කෙල්ලෙක් වෙන පබලුගේ බොන්න බැරි කිරිකෝපි එකත් ඒකටම සෙට් වුණා ඉතිං. අපේ team එකේ අනිත් උන් ගිනිමැලේ වටකරන් සිංදු කියද්දි නිකිණියි ශ්වේතා අක්කයි ටෙන්ට් එක ඇතුළේ සීතලයි කියලා හිටියා.

ඉතින් ඒ දෙන්නව එහෙමම දාලා අපි ගියා යහන්ගල ඈතින් පේන එළිමහන් භූමියකට. වටේටම ලස්සන ලස්සන එළි වලින් හැඩ වෙලා. අවට කඳු ගොඩයි. ඒක දකින්න ඕනේම දර්ශනයක්. පස්සේ අපි නැවත කඳවුරු භූමියට ආවා. ඒ ඇවිත් ආයේ සිංදු කිය කිය නැටුවා. මං නම් ඉතින් අත්පුඩි ගැහුවා විතරයි. පබලුගේ කොරවක් නැටුමයි, චතූ අක්කගේ දඟර නැටුමයි ඒකටම හරියන්න නොබීම වෙරි නැටුම් පෙන්නන ශකිලා අක්කගේ නැටුමයි අපේ අලුත් සාමාජිකාව නෙළුම් අක්කගේ සුමුදු නැටුමයි එදා රෑ තවත් ලස්සන කරා. ඒ සේරටම හරියන්න අපේ ඉෂාර මල්ලිගෙයි එරංග මල්ලිගෙයි ටමසාැ මල්ලිගේ සිංදු නියමෙට ගැළපුණා.

සිංදු කියලා ඉවර වෙලා අනිත් අය එැබඑ වලට ගියා. මමයි පබලුයි අවසානේ කොල්ලෝ තුන්දෙනා එක්ක ඉතුරු වුණා. ඉෂාර මල්ලි කිව්වා ටිකක් සද්ද නැතුව ඉන්න කියලා. ඇයි අහද්දි කිව්වා අලින්ගේ සද්දේ ඇහෙනවා කියලා. ඊට පස්සේ tent මල්ලි ටෝච් එක ගහලා බලද්දි අලි වෙන පාරකින් යනවා කිව්වා. අපි අලි යන පාරක tent ගහපු නිසා ඇත්තටම පුංචි බයක් හිතේ තිබුණේ නැතුවම නෙවෙයි.

පස්සේ මමයි පබලුයිත් අපේ tent එකට ගියා. මහ හයියෙන් හමන හුළඟ. ඇත්තටම පබලු පව් කියලා එදා නම් මට හිතුණා. රෑ tent එකේ බාගයක් එයාගේ ඇඟේ. අර එන හුළං පාරේ සැරට. මොකද එයා තමයි හුළඟ එන පැත්තෙන් අවසානෙටම හිටියේ. ඇත්තටම කිව්වොත් ඇයි දන්නේ නෑ හැමෝටම වගේ එදා රෑ ගොඩක් දිගු වුණා. කඩින් කඩ ඇහැරෙන නින්ද අඩු රැයක් වුණා ඒක.
පහුවදා උදේම ඇහැරුණු අපි ඉර උදාවෙද්දි ෆොටෝ ටිකකුත් ගත්තා. යහන්ගල පේන මානයේ තියෙන එළිමහනට ඇවිත්. පස්සේ නූඞ්ල්ස් හදලා තේ බීලා අපි අපේ ඊළඟ දවසේ ගමනට ලෑස්ති වුණේ එක එැබඑ එකකුත් අකුළලාමයි. ඊළඟ දවස යෙදුණේ කෙහෙල්පත්දෝරුවට යන්න. ලංකාවේ තියෙන පුංචි එවරස්ට් කියලා මේ කෙහෙල්පත්දෝරුවට කියනවා. යහන්ගලත් එක්ක වම් පැත්තට වෙන්න ලස්සනට පේන තුඩක් සහිත කඳු පන්තිය කෙහෙල්පත්දෝරුවයි. ආදරේට කියන්නෙ කෙහෙල නැත්නම් කෙහෙල් තුඩ. කෙහෙල්පත්දොරුව තමා හරිම නම. ගලේබණ්ඩාර දෙවිඳුන් අරක්ගත්, රාවණා ඉතිහාසයට සාක්ෂි දරන සුවිශේෂී දර්ශනයක් සහිත මෙම කන්ද. Travel කරන්න කැමති අය යා යුතුම තැනක්.

ඔන්න ඉතිං guide මල්ලි පෙරටු කරගෙන අපි ගියා කෙහෙල්පත්දෝරුව තරණය කරන්න. චතූ අක්කා, ශ්වේතා අක්කා, ඉෂාර මල්ලි , පබලු, නිලාන් මල්ලි එක්කම පෙරමුණේ ගමන් කරා. අපේ team එකේ නිකිණි ටිකක් බතල කොටේ නිසා ටිකක් වේගය මදි. ඉතින් එයා එක්කම වගේ මමයි, සෙංගේ අක්කයි, නිකිණිගේ මල්ලි එරංගයි ගියා. මගින් මඟ නැවති නැවති.

කොහොම හරි අපි ආව හැමෝම කෙහෙල්පත්දෝරුව උඩටම ගියා. පුදුමම ලස්සනක්. කෙහෙල්පත්දෝරුව තමයි ඒ හරියට තියෙන උසම කන්ද. උඩට ගියාම ලස්සනම ලස්සන 360 View දැකගන්න පුළුවන්. එක පැත්තකින් මීමුරේ ගම්මානය හා කඳු ටික. තව පැත්තකින් යහන්ගලේ ලස්සනම View එක. අනෙක් පැත්තෙන් ඈතින් පේන මහවැලි ගඟ. ඉතින් සුන්දරත්වය කියලා නිමකරන්න බෑ. මීමුරේ ගම්මානයේ පිහිටා තිබෙන ලංකාවේ කඳු නගින්නන් අතර වඩාත් ප්‍රචලිත ලකේගලත් මේ කෙහෙල්පත්දෝරුව මුදුනට හොඳටම පේනවා.

ඒ පරිසරය විඳින්නම ඕනේ. සේරටම වඩා ඒ තියෙන තද හුළඟ. දැන් ගහගෙන යයි දැන් යයි කියලා මර බියක් දැනෙන හුලඟක්. ජීවිතේ එක දවසක් හරි විඳින්නම ඕනේ හැඟීමක් ඒක නම්. ඉතින් ගන්න ඕනේ චයදඑදත් අරන් විඳින්න ඕනේ තරම්ම පරිසරයත් විඳගෙන අපි හැමෝම ආයෙම පල්ලම් බැස්සා. ගියා වගේම අනිත් අය ඉස්සර වුණා. නිකිණි මල්ලි පස්සෙන්ම. මම, පබලු, ශකිලා අක්කා මැදින්. ශකිලා අක්කට කන්නේ නැතුව ඇති වුණු ක්ලාන්ත ගතියත් එක්ක වේගය බාල වුණු නිසා සෙංගේ අක්කා එයාට අමාරු වෙයි කියන බයට තනියෙන් හරි බහින්නම් කියලා කලින් ගියා. මමයි පබලුයි ශකිලා අක්කගෙ ළඟින්ම ආවා.

අමාරුවෙන් පල්ලම් බහින ශකිලා අක්කව දැකපු guide මල්ලි ඇයි කියලා අහද්දි මේ බඩගිනි වෙලා කියලා අපි කිව්වා විතරයි, guide මල්ලි ඉක්මනට ගිහින් ආයෙම ආවේ වතුර, චොකලට් බිස්කට්, ක්‍රීම් ක්‍රැකර් අපිට අරගෙන. ඒ අරන් එන්න එයා අපි කඳවුරු බැඳපු තැනටම ගිහින් තිබුණා. අපිට බිස්කට් දීලා ආයේම නිලාන් මල්ලි නිකිණිලටත් බිස්කට් අරන් ගියා.

කෙහෙල්පත්දෝරුව බැහැලා ඉවර වුණාට පස්සේ සියලු දෙනාම ගෙනාපු බඩු ලෑස්ති කරගෙන කුණු ටිකක්වත් එතැන නොතියා තමයි පහළට ආවේ. පහළට එද්දි අපේ දවල් කෑම ලෑස්ති වෙලා තිබුණා. ඒවාත් අරගෙන අපි වෑන් එකේම ගියා guide මල්ලි පෙන්නුව තැනකට නාන්න. එතැනින් නාලා කාලා අපි ආයෙම වෑන් එකෙන් නුවරට ආවා. ඒ එද්දි රෑ7ට 7.15ට ඇති. උඩුදුම්බරින් නිලාන් මල්ලිව දාලා තමයි අපි ආවේ.

යහන්ගල කෙහෙල්පත්දෝරුව කියන්නේ travel කරන hike යන්න ආස අය යන්න ඕනෙම ගමනක්. අවදානමක් තියෙන ගමනක්. වුවමනාවක් තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් ගමනක්. ඒ වගේම තමයි එහෙම යනවා නම් අනිවාර්යයෙන් ටමසාැ කෙනෙක් එක්ක යන්න.

කෙල්ලෝ සෙට් එකකට වුණත් බයක් නැතුව යන්න පුළුවන් නියමම ගයිඞ් කෙනෙක් එක්ක තමයි අපි නම් මේ ගමන ගියේ. ඒ අවට පරිසරය කිසිම විදිහකින් ජරා වෙලා නෑ. ඒකට හේතුව මේ වෙනකල් ගියපු අයගේ හොඳ කල්කිරියාව. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. මින් පස්සේ ගොඩක් අයට යන්න හිතේවි. එහෙම යන අයත් පරිසරයට ආදරේ අය කියලා මං දන්නවා. ඉතින් ගිහින් එන්න පරිස්සමෙන් වගේම පරිසරයට ආදරේ කරලා ඒ පරිසරය රැකලා.
චතුරිකා ලක්මිණී

SendShareShare
Previous Post

අදත් කොරෝනාවෙන් 2ක් මරුට

Next Post

ඉසුරුපාය වහයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.