විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම් දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් පවරාගෙන හොර ඔප්පු සාදා විකිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ජාල ඔස්සේ හුවමාරුවන වීඩියෝව පිළිබදව අවධානය යොමු කර ඇති නීතිපති දප්පුල ලිවේරා මහතා වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිඛිත උපදෙස් ලබා දී ඇත.
වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී දින 07ක් ඇතුළත ප්‍රගතිය දැනුම් දෙන ලෙසය.
මෙලෙස දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කොට ගෙන හොර ඔප්පු සාදා විකිණීමේ ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇත්තේ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් බවද දැනගන්නට ඇත.










