• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකයෙන් පී.බී. යට යයි: කබ්රාල් මතු වෙයි (රාජ්‍ය රහස්)

November 2, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 3 mins read
A A
ආර්ථිකයෙන් පී.බී. යට යයි: කබ්රාල් මතු වෙයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

තවත් කරුණක් ඉලක්ක කරගෙනද පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබිණ. එම සාකච්ඡාවේ මාතෘකාව බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව හිටපු ආර්ථික ප්‍රබලයකු මෙන්ම ජනාධිපතිවරයාගේ ලේකම්වරයා බවට පත්ව සිටින ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය. මේ ආකාරයටම පී.බී.ට 2010-2015 ආණ්ඩු සමයේ මහ භාණ්ඩාගාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරද්දී මහින්දගේ ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රහාරයක් එල්ල විය. එවර පී.බී.ට එරෙහිව සටනට පිවිස සිටියේ වෙන කවුරුවත් නොව විමල් වීරවංශය.

පී.බී.ට දැඩි ප්‍රහාරයක්

කෙසේ වෙතත් මෙදින මුරුත්තෙට්ටුවේ හිමියන් පී.බී.ව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකොට පැය කිහිපයක් යෑමට මත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තවත් අමුත්තෙකුත් සමඟ අභයාරාමයට පැමිණියේය. ඒ අමුත්තා වෙන කවුරුවත් නොව 2010-2015 මහින්දගේ ආණ්ඩු සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටි මෙන්ම වත්මන් රාජ්‍ය අමාත්‍යවරයකුද වන අජිත් නිවාඞ් කබ්රාල් මහතාය. මහින්ද සමඟ අජිත් නිවාඞ් අභයාරාමයට පැමිණෙනවාත් සමඟම සිනාමුසු මුහුණින් ඔවුන් දෙදෙනාව පිළිගත් මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ “මම දන්නෙ නෑනෙ ඔබතුමන්ල අද මෙහෙ එනව කියල. මේ දැන් මම ප්‍රෙස් එකක් තියල ඉවර වුණා විතරයි. මම ඒකෙදි හොඳට දුන්න පී.බී. ජයසුන්දර මහත්තයට. එතුම තමයි එදා ඔබතුමාගෙ ආණ්ඩුවත් වැට්ටුවෙ. හැබැයි මම දැන් ප්‍රෙස් එකක් තියල එයාට ගහල ඉවර වුණාට පස්සෙ ඔබතුමා මාව හම්බුවෙන්න ආව කියල දැනගත්තම කට්ටිය කියයිද දන්නෑ ඔබතුමා කියවල මම එයාට ගැහුව කියල. හොඳ වෙලාවට ඔබතුමා ප්‍රෙස් එක ඉවර වුණාට පස්සෙ ආවෙ.” යැයි කියාය.

ජනපති කබ්රාල්ව කැබ්නට්ටුවට ගෙන්වයි

කෙසේ වෙතත් මම සිදුවීමෙන් පසු සඳුදා සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ප්‍රථම තවත් විශේෂ සිදුවීමක් විය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙත දුරකතන ඇමැතුමක් ලබාදී එදින සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වන ලෙසට විශේෂ ආරාධනාවක් කර සිටීමය. එහිදී පවතින ආර්ථික තත්ත්වය සහ එම ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කළයුත්තේ කුමක්ද යන්න කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කිරීමක් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිවාඞ් කබ්රාල්ගෙන් ඉල්ලා සිටියේය. එතෙක් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම හා බලන විට එය අලුත් තත්ත්වයක් ලෙස සඳහන් කළහොත් කිසිදු වැරැද්දක් නැත. මන්දයත් මීට පෙර කිසිදු කැබිනට් මණ්ඩල රැස්වීමකට ජනාධිපතිවරයා කබ්රාල් කැඳවා ආර්ථිකය සම්බන්ධව දේශනා සිදුකර තිබුණේ නැත. ඒ සඳහා බලපෑ හේතුවක් විය හැක්කේ මහින්ද කබ්රාල් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා තිබීමය. මන්දයත් මහින්දගේ කාලයේදී ඉතා අසීරු අවස්ථාවන්හිදී පවා ආණ්ඩුව පවත්වාගෙන යෑමට සල්ලි සොයා දුන්නේ කබ්රාල්ය. ජනාධිපතිවරයා කබ්රාල්ව කැබිනට් රැස්වීමට කැඳවූයේද අගමැතිවරයාගේ එම නිර්දේශය නිසා විය යුතුය.

කබ්රාල්ගෙන් පැය එකහමාරක දේශනයක්

කෙසේ වෙතත් සඳුදා සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කබ්රාල් පැය එකහමාරක පමණ ආර්ථිකය සම්බන්ධයෙන් වූ විශේෂ දේශනයක් පැවැත්වීමට පියවර ගත්තේය. කබ්රාල් එසේ ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි කරද්දී පී.බී.ද කැබිනට් මණ්ඩල රැස්වීමේ අසුන්ගෙන සිටීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී කබ්රාල් ආර්ථිකය දැනට වැටී ඇති තත්ත්වය සහ එය ගොඩනැගිය යුතු ආකාරය, ඒ සඳහා භාවිතා කළ යුතු උපක්‍රම, ජාත්‍යන්තර සහාය ඒ සඳහා ලබාගන්නා ආකාරය ආදී පුළුල් කරුණු රැසක් මෙහිදී පුළුල්ව අවධානයට ලක්කළ ආකාරයක් දැකගත හැකි විය.

ජනපති කබ්රාල්ට තව වැඩක් බාර දෙයි

ඉන් පසුව ජනාධිපතිවරයා කබ්රාල්ට තවත් විශේෂ කටයුත්තක්ද භාරදීමට පියවර ගත්තේය. ඒ මෙතෙක් ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ ලැයිස්තුව නැවැත සමාලෝචනය කර ආනයනය සඳහා ඉඩදිය යුතු භාණ්ඩ මොනවාද, කොපමණ ප්‍රමාණයකින් ආනයනය කළ යුත්තේද යන්න පිළිබඳව වාර්තාවක් සකස් කර තමාට ලබාදෙන ලෙසය. මෙහිදී වහාම සාකච්ඡාවට මැදිහත් වූ විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ තමන් කර්මාන්ත අමාත්‍යවරයා වන බැවින් දිනපතාම පාහේ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් අමුද්‍රව්‍ය හිඟය පිළිබඳව තමන් සමඟ සාකච්ඡා කරන බවය. එම නිසා එම ලැයිස්තුව සකස් කිරීමේදී තමාටද ඊට මැදිහත් වීමට අවස්ථාව ලබාදෙන ලෙස විමල් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයාටද ඊට එකඟතාවය පළ කළේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රනිල්ගෙන් ඇවිත් මහින්දගේ 18ට උස්සපු පබා සහ සජිත්ගෙන් ඇවිත් ගෝඨාභයගේ 20ට උස්සපු ඩයනා

Next Post

ක්‍රිස්බ්‍රෝ වෙතින් නව රැකියා අවස්ථාවන්

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.