• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරිඇල්ල කබීර්ගේ ‌‌රෙදි ගලවා නිරුවත් කරයි

September 7, 2019
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සහ ‌ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග ඩීල් දමමින් පක්ෂයත්, පක්ෂ නායකයාත් විනාශ කරන වසලයකු බවට පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා පත්ව ඇති බව කියමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෂීම් මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට කටයුතු ‌කොට ඇත.

ඊ‌යේ (06) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති පක්ෂ ‌ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ රැස්වීමකදී කිරිඇල්ල මහතා ‌මෙම බැන වැදීම සිදු කර ඇත.

මෙහිදී වසලයා, ඩීල්කාරයා, ‌සෙවලයා, ‌කොන්ද පණ නැත්තා යනාදී වචන භාවිත කරමින් කිරිඇල්ල මහතා ‌මෙම බැන වැදීම සිදු කර ඇත.

කබීර් හෂීම් කියන්නේ සල්ලි වරදාන සහ වරප්‍රසාද වෙනුවෙන් දේශපාලන විරුද්ධවාදීන්ට එක්සත් ජාතික පක්ෂයයි නායකයායි හැමදාම පාවා දුන් දේශපාලන වසලයෙකු යැයි සභා නායක ලකෂ්මන් කිරිඇල්ල මහතා ඔහුගේ මුහුණට ම චෝදනා එල්ල කරමින් ප්‍රසිද්ධියේ විවේචනය කර තිබේ.

‘අපේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස කොල්ල කාලා මහින්ද රාජපක්ෂලාට ලබා දුන් අවස්ථාවේ දී ඊට එරෙහිව ආණ්ඩුව යළි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පළමු වෙඩි මුරය තැබුවේ මම. ආණ්ඩුව යළිත් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේදී මම කළ භූමිකාව ගැන ඇති වූ වැරදි වැටහීමක් නිසා අපේ ආණ්ඩුව යළි පිහිටුවීමේදී මගේ අමාත්‍යංශය දුර්වල කළා. මගේ බලතල සහ විෂයන් බොහොමයක් කප්පාදු කෙරුණු බව කවුරුත් දන්නවා.

පසුව ජනාධිපතිවරයා මට සිදු වූ අසාධාරණය තේරුම් ගත්තා. ඒ අනුව මට අවශ්‍ය අමාත්‍ය විෂයන් සහ බලතල පිළිබඳව ලිඛිතව දැනුම් දෙන්න යැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දුන්න. ඒ අනුව කබීර් හෂීම් වැඩිපුර දරන ඛනිජ තෙල් අමාත්‍යංශය ඔහුගෙන් ගලවා මට ලබා දෙන ලෙසට අගමැතිතුමා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

ඇත්තටම මට කියන්නත් ලැජ්ජයි. අපිත් එක්ක එක පතේ කන කබීර් හෂීම්රංජිත් මද්දුම බණ්ඩාර මලික් සමරවික්‍රම චන්ද්‍රානි බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා හමු වී කියලා තියනවා ඒ අමාත්‍යංශය මට දෙන්න එපා කියලා. ඒ ගැන මට කිව්වේ ජනාධිපතිතුමාගේ ලේකම්වරයෙක්. පස්සේ පසු ගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව මම එතුමා හමු වූ අවස්ථාවේදී එතුමා මට මේ ගැන කිව්වා. එතුමාගේ වචනයෙන් ම කියනවා නම් කබීර් හෂීම් ඇතුළු පස් දෙනෙකු ඇවිත් ඔබ තුමාට මේ අමාත්‍යාංශය ලබා දෙන්න එපා කියා ඉල්ලමින් මගේ ඔළුව කෑවා, යැයි එතුමා කිව්වා. අපේ රවී කරුණානායක ඇමැතිතුමාත් ඒ වෙලාවේ එම ස්ථානයේ හිටපු නිසා ඔහු මේ ගැන සාක්කි දේවි. එක්සත් ජාතික පක්ෂයේ සමගිය ජයග්‍රහණය සහ විනය ගැන කතා කරන මේ අය අපේ දේශපාලන විරුද්ධවාදීන් එක්ක අපටත් අපගේ පක්ෂයටත් විරුද්ධව වැඩ කරන්නේ මෙහෙමයි.

අයිසේ කබීර් හෂීම් තමුසේ ‌කොහොමද අපේ පක්ෂයේ නායකයා හැටියට අගමැතිතුමා ගත්ත තීන්දුවට විරුද්ධව ජනාධිපතිතුමාට ගතු කියන්නේ. අගමැතිතුමාටයි පක්ෂයටයි විරුද්ධව තමුසෙට වැඩ කරන්න ඕනෑ නම් තමුසේ පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස් වෙලා ඒක කරනවා. පක්ෂේ සභාපතිකමේ ඉදගෙන ඒ වරප්‍රසාදත් භුක්ති විදිමින් නායකයාටයි, පක්ෂයටයි විරුද්ධව වැඩ කරන්න තමුසෙලාට ඉඩ දෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයයි රනිල් වික්‍රමසිංහ නායකතුමයි හැමදාම දුර්වල වුණේ තමුසෙලාගේ මේ පාවාදීම්කුප්පකම් සහ ජඩකම් නිසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඒ අයගේ අමතිකම්වලින් ඉල්ලා අස් වුණා. ඒ වෙලාවේ තමුසේ කළේ මොකක්ද. පක්ෂයෙයි නායකයාගෙයි ස්ථාවරයට විරුද්ධව අගමැතිතුමාටත් නොකියා හොර රහසේම ගිහින් තමුසේ ජනාධිපතිතුමා හම්බවෙලා ඇමතිකමේ දිවුරුම් දුන්නා. තමුසේ මිනිහෙක්ද ඕයි. තමුසෙට ලැජ්ජාවක් නැද්ද. ඊට පස්සේ තමුසේ හොර රහසේම ගොස් ගෝඨාභය රාජපක්ෂව හම්බ වුණා. එහෙම හම්බ වෙලා එක්සත් ජාතික පක්ෂයේ සියලු රහස් ගෝඨාභය රාජපක්ෂට දුන්නා.

ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයයි අගමැතිතුමයි තීරණය කරලා මට ඛනිජ තෙල් අමාත්‍යංශය දෙන්න කියලා ජනාධිපතිතුමාට දැනුම් දුන්නාට පසුව තමුසේ ඒ මැද්දට පන්නා. අගමැතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන්න එපා කියා ජනාධිපතිගෙන් ඉල්ලන්න තමුසේ මේ පක්ෂයේ නායකයාද. තමුසේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද.

තමුසෙයි තමුසෙගෙ කට්ටියයි කරපු මේ වැඩේ ගැන මම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත්පා ර්ලිමේන්තු කණ්ඩායමේදීත් හෙළිදරව් කරනවා. ඒ වගේ ම තමුසෙගෙ නින්දිත වැඩ ගැන මම අපේ පාක්ෂිකයන්ට වගේ ම රටේ සමස්ත ජනතාවටත් කියනවා. මේ පක්ෂයයි නායකයායි හැමදාම පරදින්නේත් සල්ලිවලට තනතුරුවලට වරදානවලට සහ වරප්‍රසාදවලට කෑදරකමෙන් තමුසෙලා හැමදාම අපේ දේශපාලන විරුද්ධවාදීන්ට අපිව පාවා දුන් නිසයි. තමුසේ මේ පක්ෂයට හෙණයක්. තමුසේ අපේ පාක්ෂිකයන්ගෙන් වගේම පක්ෂයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.

මේ අකාරයට කිරිඇල්ල මහතා බැන වදිද්දී කබීර් හෂීම් මහතා රැස්වීමෙන් නැගිට ‌ගොස් ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

හෙළ වෙද රහස්

Next Post

ලෝකයම හොඳයි කිව්ව R degrees

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.