• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආ රෝහණ සහ අව රෝහණ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

October 24, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ආ රෝහණ සහ අව රෝහණ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලනය ගත් විට හැම වෙලාවේම නම කියැවෙන, මතක සිටින දේශපාලන චරිත ඇත්තේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්ය. ඒ අතරින් එක් චරිතයක් වන්නේ රෝහණ විජේවීරය. රෝහණ මරාදමා මේ වන විට දශක ගණනාවක් ගියත්, පරම්පරා ගණනාවක් ගියත් අදටත් රෝහණ විජේවීර කී සැණින් රෝහණගේ මුහුණ මතකයට ඒම වළක්වන්න කාටවත් බැරිය.
ඒ රෝහණ වගේම තවත් රෝහණ කෙනෙක්ද අපේ දේශපාලනයේ සිටී. හැබැයි ඔහුගේ නමේ රෝහණ කියන නම තිබුණද රෝහණ කී ගමන් ඔහුගේ මුහුණ මතකයට එන්නේ නැත. නමුත් ‘බැසිල් රෝහණ රාජපක්ෂ’ කී ගමන් රෝහණ විජේවීර වගේම බැසිල්ගේ මුහුණත් මතකයේ ඇඳීම වළක්වන්න කාටවත් බැරිය.
එදා රෝහණ විජේවීර ප්‍රසිද්ධ වුණේ සන්නද්ධ කැරැලි දෙකක් ආණ්ඩුවට එරෙහිව ගසාය. එක කැරැල්ලක් ගැසුවේ 1971 ශ්‍රීලනිප ආණ්ඩුවට විරුද්ධවය. දෙවැනි කැරැල්ල ගැහුවේ 1988-89 කාලයේ තිබ්බ යූ.ඇන්.පී. ආණ්ඩුවට විරුද්ධවය. හැබැයි මේ කැරැලි දෙකම සාර්ථක කර ගැනීමට එදා රෝහණට නොහැකි විය.
ඒ රෝහණ වගේම මේ කියන බැසිල් රෝහණ රාජපක්ෂත් දේශපාලනයේ කැරැලි ගහපු මිනිහෙක්ය. බැසිල් එයාගේ පළමු කැරැල්ල ගැහුවේ රෝහණ විජේවීර හදපු ජවිපෙටම එරෙහිවය. ඒ 2007දීය. ඒ කැරැල්ල ගහලා එදා බැසිල් රෝහණ රාජපක්ෂ රෝහණ විජේවීර හදපු ජවිපෙ දෙකට, තුනට කඩලා සමතලා දැම්මේය.
බැසිල් රෝහණ දෙවැනි කැරැල්ල ගැහුවේ රෝහණ විජේවීර 71 කැරැල්ල ගහලා අසාර්ථක වුණු ශ්‍රීලනිපයට එරෙහිවය. ඒ 2007 කැරැල්ලෙන් වසර 10කට පසු 2017දීය. ශ්‍රීලනිපයෙන් කඩාගෙන ඇවිත් පොහොට්ටුව හදලා බැසිල් ඒ ගහපු කැරැල්ලෙන් ශ්‍රීලනිපය දෙකට තුනට කැඩී නන්නත්තාර වී ගියේය.
බැසිල් රෝහණ රාජපක්ෂ තුන්වැනි කැරැල්ල ගැහුවේ රෝහණ විජේවීර 88-89 කාලයේදී කැරලි ගහන්න ගිහින් අසාර්ථක වුණු යූ.ඇන්.පී. එකට එරෙහිවය. ඒ පසුගිය මහ මැතිවරණයට පෙර යූ.ඇන්.පී.ය දෙකට තුනට කඩා නන්නත්තාර කිරීම හරහාය.
මීට පෙරත් වරක් බැසිල් මේ විදිහටම කැරැල්ලක් ගසා යූ.ඇන්.පී.යේ දාහතක් එකවර ආණ්ඩුවට අරගෙන යූ.ඇන්.පී.ය සමතලා කර දැම්මේය.
රෝහණ විජේවීර එදා විප්ලව කළේ තුවක්කුව අතට අරගෙනය. නමුත් බැසිල් විප්ලව කළේ තුවක්කුවලින් නොව ඉලක්කම්වලින්ය. ඒ විදිහට ඉලක්කම්වලින් ලංකාවේ විප්ලව කරන සෙල්ලමට දක්ෂව හිටියේ වෙන කවුරුවත් නොව රනිල්ගේ තාත්තා වෙච්ච එස්මන්ඞ් වික්‍රමසිංහය. මේ ඉලක්කම් සෙල්ලම කලාවක් නම් බැසිල් එහි පිකාසෝ විය. මොකද බැසිල් මේ ඉලක්කම් සෙල්ලමට කොච්චර දක්ෂ වූවාද කියනවා නම් එස්මන්ඞ්ගේ පුතා වෙච්ච රනිල්වත් මේ ඉලක්කම් සෙල්ලමෙන් පරද්දා ගෙදර යැව්වේය.
බැසිල්ගේ තමන්ගේ අලුත්ම ඉලක්කම් සෙල්ලම පෙන්නුවේ විස්ස සම්මත කරගත් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදීය. බැසිල් ඒ ඉලක්කම් සෙල්ලම පෙන්නුවේ අඩු තරමේ පාර්ලිමේන්තුව ඇතුළේවත් නොඉඳය.
බැසිල් මේ ඉලක්කම් සෙල්ලම මුලින්ම පටන් ගත්තේත් පාර්ලිමේන්තුව ඇතුළේ නැති කාලයේදීය. ඒ 2007ට කලින්ය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද දින්නාට පසු මහින්ද දිනවපු ලකුණු දාගන්න බොහෝ දෙනෙක් එකල සිටියහ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ එදා දේශපාලනයේ බැසිල්ගේ චරිතය රඟපෑ මංගල සමරවීරය. ඊට පසු ශ්‍රීපති සූරියආරච්චිය. ඊළඟට ජවිපෙය. මේ තුන්ගොල්ලොම එදා මහින්දව දිනෙව්වේ තමන් යැයි කියමින් හතර අතේ ලකුණු දමාගනිමින් සිටියහ. මේ අය පාර්ලිමේන්තුව ඇතුළෙත් ඒ කතාව කීහ. පාර්ලිමේන්තුවෙන් පිටතත් ඒ කතාවම කීහ. හැබැයි මේ මේ ලකුණු දාගත්තේ 2005 මහින්ද දිනවපු ලොකුම ගේම ගැහුවේ බැසිල් බව හොඳින්ම දැනගෙනය.
මොකද 2005 ජනාධිපතිවරණයට පෙර දැඩි මහින්ද විරෝධී ස්ථාවරයක සිටි ජවිපෙ එදා මහින්දට පූට්ටු කරන තිරය පිටුපස මෙහෙයුම දියත් කළේ බැසිල්ය. ඒ විතරක් නොව මහින්දට දකුණේ සිංහල බෞද්ධ ඡන්දවලින් විතරක් දිනන්න බැරි බව දැන එල්.ටී.ටී.ඊ.ය සමඟ කතාකොට උතුරේ ඡන්ද වර්ජනය කරන තැනට අරන් ආවේත් බැසිල්ය. ඒ වගේම මහින්දගේ ජයග්‍රහණයට විශාල සහායක් දැක්වූ මංගල සහ ශ්‍රීපතිගේ සහායත් අරගන්න තිරය පිටුපස මෙහෙයුම කළේ බැසිල්ය.
හැබැයි ජයග්‍රහණයෙන් පසු මංගලලා, ශ්‍රීපතිලා, ජවිපෙ තැන් තැන්වල කියමින් ගියේ මහින්ද දිනෙව්වේ තමන් යැයි කියාය. ඒ අය කිව්වේ ඒ අය නැතිව මහින්දට ආණ්ඩු කරන්න බැහැ කියලාය. මංගලලා, ශ්‍රීපතිලා, ජවිපෙ එකතුව පස්සෙ මහින්දව ආණ්ඩුව ඇතුළේ නටවන්න හැදුවත් ඒ වෙලාවේ මංගලලා, ශ්‍රීපතිලා ආණ්ඩුවෙන් ඉවත් කරන තැනට මහින්දගේ ඔළුව හැදුවේ බැසිල්ය. ඒ වෙලාවේ හැමෝම කිව්වේ මංගලලා, ශ්‍රීපතිලා අයින් කරලා ආණ්ඩුවට ඉස්සරහට යන්න බැහැ කියලාය. මංගලලා, ශ්‍රීපතිලා නැතිව ආණ්ඩුව කඩාවැටෙයි කියලාය. ආණ්ඩුවේ ඉන්න ලොකුම කෙරුම්කාරයෝ මංගලලා, ශ්‍රීපතිලා කියලාය.
නමුත් මංගලලා, ශ්‍රීපතිලා ආණ්ඩුවෙන් ඉවත් කොට ආණ්ඩුව කරගෙන යන හැටි බැසිල් මහින්දට පෙන්නුවේය. 2017 බැසිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ එහෙම පසුබිමක් යටතේය. ඒ එද්දී මංගලලා, ශ්‍රීපතිලා, යූ.ඇන්.පී.ය එක්ක එකතු වෙලා, ජවිපෙත් එකතු කරගෙන මහින්දගේ අය-වැය පරද්දන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුගෙඩි සෙල්ලම ලෑස්ති කරගෙන සිටියහ. අය-වැය දිනන්න ඒ වෙද්දී මහින්දට ඇත්තටම ඡන්ද තිබුණෙත් නැත. බැසිල් පාර්ලිමේන්තු ඇවිත් ගහපු පළමු ගේම ඒකය. අන්තිමේදී බැසිල් ඒ ගේම දින්නේ ජේ.වී.පී. එක දෙකට කඩලා විමල්ලාව ආණ්ඩුවට අරගෙන ජවිපෙ ඡන්දය දීමෙන් වළක්වන තැනට තල්ලු කරලාය. විමල්ලා, මහින්දට සෙට් වුණේ ඒ විදිහටය.
එදා වගේම අදත් බැසිල් මේ දිනවල ඉන්නේ දෙවැනි වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට ලකලෑස්ති වෙමින්ය. එදා බැසිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න සූදානම් වෙද්දී මංගලලා, ශ්‍රීපතිලා, ජවිපෙ මහින්දව දිනවපු ලකුණු දාගෙන හිටියා වගේ අදත් බැසිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට සූදානම් වන විට විමල්ලා, උදයලා, වාසුදේවලා හිටියේ මහින්ද දිනවපු ක්‍රෙඩිට් එක අතට අරගෙනය. ඒ අය තැන් තැන්වල කිය කියා ගියේ 2015 පැරදිලා ගෙදර හිටපු මහින්දව යළිත් දේශපාලනයට ගෙනැවිත් අගමැති පුටුවට ඔසවා තැබුවේ තමන් යැයි කියාය. ගෝඨාභය ජනාධිපති කළේ තමන් යැයි කියාය. අපි නැත්නම් ආණ්ඩු කරලා හමාරයි කියාය.
ඒ වගේම විස්සට එරෙහිව රට ඇතුළේ ප්‍රබල මතයක් වාසුලා, විමල්ලා, උදයලා පසුගිය කාලයේ හැදූහ. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය විස්සෙන් ඉවත් කළ යුතු බවත්, ද්විත්ව පුරවැසියන්ට කිසිසේත්ම පාර්ලිමේන්තු ඒමට ඉඩ නොතබන බවත්, විමල්ලා, වාසුලා, උදයලා රට වටේම කිය කියා ගියහ. ඒ අය කයිවාරු ගැහුවේ ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තුවේ පරද්දනවා කියාය.
හැබැයි එදා මේ විදිහටම කයිවාරු ගහපු මංගලලා, ශ්‍රීපතිලා, ජවිපෙ පන්නලා බැසිල් අය-වැය දිනා පෙන්නුවා සේ මෙවර විමල්ලා, වාසුලා, උදයලාගේ සහාය නැතිවත් විස්ස ජයග්‍රහණය කළ හැකි බව බැසිල් පාර්ලිමේන්තුවේදී ඔප්පු කර පෙන්නුවේය. ඒ විපක්ෂයේ මුස්ලිම් පක්ෂවල මන්ත්‍රිවරුන් සහ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරියකගේ සහාය ආණ්ඩුවට අරගෙනය. විස්සට මන්ත්‍රිවරුන් 156කගේ සහාය ලැබෙද්දී ද්විත්ව පුරවැසිභාවයේ වගන්තියට මන්ත්‍රිවරුන් 157කගේ සහාය අරන් පෙන්වමින් බැසිල් විමල්ලා, වාසුලා, උදයලා තමන් ඉදිරියේ දණගැස්සවීමට කටයුතු කර පෙන්නුවේය. ඒ නිසා දැන් ඔක්කොම බලන් ඉන්නේ බැසිල් පාර්ලිමේන්තුවට ඇවිත් ඊළඟට ගහන්න යන ගේම මොකද්ද කියා බලාගෙනය.
එදා 2007 දී බැසිල් පාර්ලිමේන්තු ආවේම මංගලලා, ශ්‍රීපතිලා ආණ්ඩුවෙන් පන්නා දමා ලොකු දේශපාලන බෝම්බයක් පත්තු කරමින්ය. මේ පාර බැසිල් පාර්ලිමේන්තු ඇවිත් මොන දේශපාලන බෝම්බයක් පත්තු කරයිද කියා දැන්ම කිව නොහැකි වුවත්, ඒ දේශපාලන බෝම්බය පත්තු වුණොත් විමල්ලාට උන් හිටි තැන් හොයාගන්න බැරි වෙනවා නිසැකය.
මොකද බැසිල් මේ පාර පාර්ලිමේන්තු එන්නේ ඇමැතිකමක් අරගෙන පැත්තකට වෙලා ඉන්න නොව ලොකු දේශපාලන ගමනක් යන්න හිතාගෙනය. ඒ දේශපාලන ගමන කොතැනින් කෙළවර වෙයිද කියා දැන්ම කීමට කල් වැඩිය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ගුටි කෑමට නියමිතයි (උපුල් ජෝ‍ශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

බිමල්ගේ අලුත්ම ආලේ ‘කොරෝනා කාලේ ආලේ’

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.