• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැරදි කරන්න හොඳයි එළිවෙද්දි බයයි

November 5, 2020
in Exclusive, Heart
Reading Time: 8 mins read
A A
වැරදි කරන්න හොඳයි එළිවෙද්දි බයයි
Share on WhatsAppShare on Facebook

පුදුම කනේ පාරවල් ටිකක් තමයි කෑවේ…

පත්තුවෙලා යන්න වැඩේ කරනවා…

සන්ජු රොද්ද්‍රිගෝ

ගුවන්විදුලි නිවේදිකාවක ලෙස හඬක් මුසු කළ ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය තුළත්, සිනමාව තුළත් විවිධ චරිත නිරූපණය කළා. ඒ නිරූපණය කළ චරිත තුළින් ඇයව බොහෝ දෙනෙක් දැනහඳුනා ගත්තේ සංජු රුද්‍රිගෝ ලෙසට. කාලය ගෙවී යෑමත් එක්ක ඇයත් ඒ ගෙවී යන කාලයත් එක්ක පැත්තකට වෙලාද කියලා අපට හිතුණා. ඇත්තටම කටකාර ඒ සංජු දැන් කෝ කියා ඔබටත් හිතෙනවා ඇති. මේ තමයි ඇය. කාලෙකට පස්සේ සියල්ලට අමතක වුණු ඒ ඇය සමඟ අප කතා කළේ මේ විදියට.

සංජු මොකද සද්දබද්දයක් නැතුව ඉන්නේ?
එහෙම ඉන්න එක හොඳයි කියලා හිතුණා.
හැබැයි ඉතින් සද්දබද්ද දාන්න වැඩක් ආවොත් ඉතින් පත්තුවෙලාමයි නේද නතර වෙන්නේ?
ඔව් ඉතින්, ඉඳලා ඉඳලා වැඩක් කරන කොට ඒකේ වටිනාකමක් තියෙනවා. එතකොට ඉතින් පත්තුවෙලා යන්නම කරන වැඬේ හරියට කරනවා.
සංජු ඉන්න තැන කාටවත් පාළුවක් නැහැ කියන්නේ ඇත්තද?
ඔව් ඉතින්, විහිළුවෙන්, තහළුවෙන් දවසම හිනාවෙලා ඉන්නවා.
සංජුට ඉක්මනින් තරහා එන නිසා අනුන්ගේ ප්‍රශ්නවලට අතදාලා අමාරුවේ වැටුණු අවස්ථාත් ඇති නේද?
මම එහෙම අනුන්ගේ ප්‍රශ්න මගේ කරගෙන වැඩ කරන කෙනෙක් නෙවේ. මම කෙළින් කතා කරන කෙනෙක්. කියන්න ඕනෑ දේ මූණටම කතා කරනවා. මට අසාධාරණය කියන දේ පෙන්වන්න බැහැ. ඒ වෙලාව ඉතින් ඔවුන් වෙනුවෙන් මම කතා කරනවා. මම ඉතින් ටිකක් දඟයි, කටකාරයි. හැබැයි හිත හොඳයි.
ඔබට ලැබෙන නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්න විශේෂ හේතුවක් තියෙනවද සංජු?
එහෙම විශේෂ හේතුවක් නැහැ. බජට් ප්‍රශ්න තමයි. දුර ප්‍රශ්න, චරිත ගැන, වැඩ කරන අය ගැන සලකා බලලා මට දෙයක් කරන්න පුළුවන්නම් එයට සාධාරණයක් මට ලැබෙනවා නම් මම කරනවා. නිකරුණේ වැඩකරන්න මම කැමැති නැහැ.
පසුගිය කාලේ නිර්මාණ කිහිපයකින් මට ආරාධනා කළා. ඒත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා ඒ සියල්ල පොඞ්ඩක් කල්ගියා.
ඔබේ මේ ක්‍ෂේත්‍රයට මුලින් පැමිණෙන්නේ ගුවන්විදුලි නිවේදිකාවක් විදියට. ඒත් පසුකාලීනව ඔබේ ඒ ගමන්මඟ වෙනස් වුණා?
රඟපාන්න මගේ හිතේ කිසිම ආශාවක් තිබුණේ නැහැ. මට හොඳ කථිකත්වයක් තිබුණු නිසා මම උත්සාහ කළේ නිවේදිකාවක් විදියට කටයුතු කරන්න. ඉතින් මම විවිධ ගුවන්විදුලි රූපවාහිනි නාළිකාවල නිවේදන කටයුතු කළා සෑහෙන කාලයක්. ඔය අතර තමයි ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට මට ආරාධානවක් ලැබුණේ මගේ සහෝදර හිතවතකුගේ ඉල්ලීම මත. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක වෙනසකටත් එක්ක මම රඟපෑමට යොමුවුණා.
දැන් වෘත්තීය මට්ටමේ නිවේදිකාවක් ලෙසට කටයුතු කරන්නේ නැද්ද?
මම නිවේදන වෘත්තියෙන් සමුගෙන නැහැ. දැනටත් විවිධ වැඩසටහන් මම කරනවා. නමුත් ආයතනයකට බැඳිලා මම වැඩ කරන්නේ නැහැ. මොකද මගේ අනෙකුත් වැඩකටයුතුවලට ප්‍රශ්න මතු වෙන නිසා. මෙහෙම වැඩ කරන එක මනසට වගේම හිතට ලොකු සැහැල්ලුවක්.
ඒ දවස්වල සාරංගගෙන් කාපු කනේ පාරවල් තවම අමතක නැතුව ඇති නේද?
අම්මෝ.., පුදුම කනේ පාරවල් ටිකක් තමයි කෑවේ. ඒ දවස්වල ඇඬූ කඳුළින්ම තමයි. අදටත් ගොඩදෙනෙක් කතාබහ කරන්නේ ‘මුතු පළස’ ටෙලිනාට්‍යයේ මිනිසුන්ට හොඳට මතකයි මාව.
නිළියක් වෙන්න බැහැ කියපු සංජු අවසානයේදී සුවිශේෂී ටෙලිනාට්‍ය රැසක සුවිශේෂී චරිත නිරූපණය කළා. එහෙත් ඔබට කිසි ඇගැයීමක් නැහැ නේද?
සම්මාන ගැන තියෙන්නේ කලකිරීමක්. එය ගැන කතා කරන්න කැමැති නැහැ. නමුත් මෙවර ‘රයිගම්’ සම්මාන උළෙලේ සුදුස්සාට සුදුසු සම්මාන ලැබුණා. අනිවාර්යයෙන් ශලනි තාරකාට ඒ සම්මානය හිමිවිය යුතුමයි. ඇය ඒ නිර්මාණ සියල්ලගේම විශිෂ්ට ලෙස රඟපානවා.
පසුගියදා පැවැති මහා මැතිවරණයේදී එක්තරා දේශපාලන වැඩසටහනකදී සුවිශේෂීම දේශපාලනඥයෙක් සමඟ මතවාදයක පැටළුණා නේද?
ඔව්… ඔහු ප්‍රශ්නත්, උත්තරයත් දෙකම හදාගෙන ඇවිත් මම එක්ක වැඩසටහනට. අවසානයේ ඔහු කිව්වා මම එක්ක වැඩසටහන කරන්න බැහැ. වෙන කෙනෙක් සම්බන්ධ කරගන්නම් කියලා. වැරැදි කරන්න හොඳයි. ඒවා එළිවෙන කොට බයයි.
ඉතින් මම කරන්නේ මගේ වෘත්තිය. මම එය හෑල්ලුවට පත්කරන්න කැමැති නැහැ. මට වගේම රටට ජනතාවට දැනෙන ප්‍රශ්න තමයි මම අහන්නේ. නැතුව එයාලගේ වැරැදි වහන්න මම උත්තර සපයන්නේ නැහැ. ඔය වගේ විවිධ ප්‍රශ්න මතු වෙනවා වැඩසටහන් තුළදී.
වසන්ත විතාරණගේ

www
SendShareShare
Previous Post

කොරෝනා අස්සේ ලෝකෙට ගිය ජමාල්ඩීන්ගේ හන්තානේ හෝටලය (VIDEO)

Next Post

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කළ යුතු දේ ජනපති කියයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.