20 වන සංශෝධනයට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
එම දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවී ඒ පිළිබද එකගතාවකට පැමිණ ඇති බවකි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ පාර්ලමේන්තුවේදී අවධාරණය කර තිබුණේ ආණ්ඩුවට මේ වනවිට තුනෙන් දෙක නැති බවත්, එම තුනෙන් දෙක ලබා ගැනීම සදහා විපක්ෂයේ කිසිවකු හෝ මිලට ගත යුතු බවත්ය.
එසේ තම ආත්මය පාවා දී මුදල් බ්‍රීෆ්කේස්වලට යටවුණු විපක්ෂ මන්ත්‍රීවරුන් සිටින්නේද යන්න 20ට ජන්දය විමසන අවස්ථාවේදී දැකගත හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.










