ඊයේ (21) දිනයේ දී කොරෝනා ආසාදිතයින් 166ක් වාර්තා වී තිබේ.
ඊයේ සවස් වරුව වන විට රෝගීන් 109ක් හදුනාගෙන සිටි අතර රාත්‍රිය වනවිට තවත් 57 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් එක් අයෙක් නිරෝධායනය සඳහා යොමුකර සිටි කෙනෙක් බවත් අනෙක් 56 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත්ය.
ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2508කි.










