විසිවන සංශෝධනයට ජන්දය විමසන හෙට (21) දිනයේ එය සම්මත කරගැනීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 150ක සංඛ්‍යාව පාර්ලිමේන්තූව ඇතුළේ තබා ගැනීමේ වගකීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනකුට පවරා ඇති බව දැනගන්නට ඇත.
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් වන ඩිලාන් පෙරේරා, ජයන්ත කැටගොඩ, මොහොමඩ් මුසම්මිල් සහ අසංක නවරත්න යන මන්ත්‍රීවරුන් මෙම කාර්යයට යොදවා ඇති සිව් දෙනා බව වාර්තා වේ.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා අද දිනයේ සිටම ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට කතාකරමින් ජන්දය පැවැත්වෙන වේලාවේ පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.










