කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් ඇත
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත මුදල් අමාත්‍යංශය මෙම ප්‍රතිපාදන වෙන් කළ බවයි.
පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරනය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට කටයුතු යොදා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කළේ් අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි.
කෝවිඩ් I හා II වටයන් තුල අනුගමනය කල පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා කීවේය.










