කොරෝනා වසංගතය මැද වාර්තාගත වී අස්වැන්නක් මෙම වර්ෂයේ ලබා ගැනීමට ආණ්ඩුව සමත්වී ඇත.
ඒ අනුව 2020 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5037කි.
එය 2019 වසරට සාපේක්ෂව 9.7%ක ඉහළ යාමකි.
2018 වසරට සාපේක්ෂව 28.2%ක ඉහළ යාමකි.
2017 වසරට සාපේක්ෂව 111%ක ඉහළ යාමක් වන අතර 2017ට සාපේක්ෂව වී නිෂ්පාදනය දෙගුණ වී ඇති බව සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මෙම ඉලක්කයන් වාර්තා කිරීමට හැකි වී ඇති බවද වාර්තා වේ.











