රටේ මතුව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් තමන්ට වසංගත තත්ත්වය අවසන් වූ විට පැමිණ සාක්ෂි ලබා දීම සදහා දිනයක් ලබා දෙන මෙන් ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ තොරතුරු ලබාගැනිම සදහා වන ජනාධිපති කොම්සන් සභාව වෙත ලිපියක් යොමු කොට ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
මංගල සමරවීර (පා.ම , හිටපු)
ලේකම්,
දේශපාලන පළිගැනීම් පිළිබඳ තොරතුරු ලබාගැනිම සදහා වන ජනාධිපති කොම්සන් සභාව .
ලේකම්තුමනි,
කොම්සන් සභාවේ පෙනී සිට සාක්ෂි දිමට පැමිණිමට ඇති අපහසුතාවය දැනුම් දීම .
ඉහත ලිපිනයෙ පදිංචි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මා හට ඔබ කොම්සන් සභාවේ පෙනී සිට සාක්ෂි දිම සදහා පැම්ණිලි අංක pcl/pv/……………….2020 සදහා සිතාසි ලැබී ඇත.
මෙ වන විට රටේ පවතින කොව්ඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන මාගේ පුද්ගලික වෛද්‍යවරයා මෙන්ම ,රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයද සෞඛ්‍ය නීර්ණායකයන් ප්‍රකාශ කර ඇති අතර එකි නීර්ණායකයන් අනුගමනය කරන ලෙස උපදෙස් ලබාදි ඇත.
මා පුද්ගලිකව මාතර සිට පැමිණිය යුතු අතර, පුද්ගලයන් ඒකරාශි වන ස්ථානයන් හි ගැවසීමට සිදුවිම මාගේ සෞඛ්‍යයට හිතකර නොවන බව මාගේ හැගීම වේ.
එබැවින් මා වෙත සිතාසි නිකුත් කර ඇති සියලු පැමිණිලි සදහා ප්‍රකාශ ලබාදිමට මෙම වසංගත තත්ත්වය අවසන් වු පසුව අවස්ථාව ලබාදිමට කාරැණික වෙන මෙන් ඉල්ලා සිට්ම්.
මෙයට
මංගල සමරවීර










