ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ සුවිශේෂී අවධානය යොමුකරමින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම විශේෂ නිවේදනය මෙසේය.
ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ සුවිශේෂී අවධානය යොමුවූ බව අවධාරණය කරමු.
ආණ්ඩුව විසින් ස්වකීය බලලෝබී උවමනාව සහ ඒකාධිපති අවස්‍ථාවාදය මුල්කරගෙන, ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතිකාව කරලියට පැමිණි මොහොතේ සිටම සමගි ජනබලවේගය ඊට කොන්දේසි විරහිතව එරෙහිවූ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය පරාජය කිරීම උදෙසා සක්‍රීය කඳවුරක් බවට විපක්ෂය පත් කිරීමට කටයුතු කළෙමු.
ගරුකටයුතු මහා සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුර පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක් ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය තුලින් ගම්‍ය වේ.
එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි අපගේ දැඩි ගෞරවය ප්‍රමුඛ අවධානය යොමු කළ අතර ඒකාධිපති විසිවෙනි සංශෝධනය පරාජයට පත්කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට ධෛර්යය හා අධිෂ්ඨානය අප ඒ තුලින් ලද බවත්,මේ උතුම් දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අපගේ ගමන තව තවත් ශක්තිමත් කරන බවත් අවධාරණය කරමු.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක











