කොරෝනා ආසාදිත රෝගීන් 119 දෙනකු සොයා ගම්පහ දිස්ත්රික්කයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි.
මෙම පිරිස ලබා දී ඇති ලිපින සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු හේතුකොට ගෙන ඔවුන් සොයාගැනීමට නොහැකි වී ඇති බව දැනගන්නට ඇත.
දැනට සිදු කර ඇති පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට ඔවුන් කොරෝනා රෝගීන් බව තහවුරු වී ඇති බවද ඒ මහතා කීය.










