• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ගාන සැරයි

October 10, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මගේ ගාන සැරයි
Share on WhatsAppShare on Facebook

‘දේදුන්නේ සමනලියක්’ තුළින් කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණු
ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය චරිතාංග ශිල්පිනියක් බවට පත්වෙමින් වසුදා, චතුර්්‍යය වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනා ගත්ත සුවිශේෂී කලා ශිල්පිනියක්. ඇයට ආදරය කළ බොහෝ පිරිසක් අද ඇය කෝ කියලා හොයන්න පටන්ගෙන. අද ඇය ටෙලිනාට්‍ය තුළින් දකින්න නැති වුණත් කලාව වෙනුවෙන් ජීවය දෙන වෙනත් වැඩකටයුතු බොහොමයකට සම්බන්ධ වෙලා ඉන්න බව අපට ආරංචි වුණා. ඒ හැමදේම ගැන කතා කරන්න අපි ලක්ෂිකාට කතා කළා.
ලක්ෂිකා මේ දවස්වල ටෙලිනාට්‍යයවලින් ඈත් වෙලා වෙනත් වැඩකටයුත්තකට සූදානම් වන බව ආරංචියි?
ඔව්. 22015 අපි ආරම්භ කළ ‘රු රෑ’ ප්‍රසංගය අපිට ඉදිරි වසරවල කරගැනීමට බැරිවුණා. 2019 තමයි නැවැත අපි ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ. මේ වසරේ ඒ ප්‍රසංගය පැවැත්වීමට තිබුණේ අගෝස්තු මාසයේ. ඉතින් කොරෝනා ප්‍රශ්නය නිසා අපට ඒ ප්‍රසංගය කල් දැමීමට සිද්ධ වුණා. ඒ දෙසැම්බර් මාසයේ ‘රු රෑ’ ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
‘රු රෑ’ ප්‍රසංගයට අමතරව 70 දශකයේ ජනප්‍රිය පැරැණි ගී ප්‍රසංගයකුත් පැවැත්වීමට කටයුතු කරනවා නේද?
ඒ ප්‍රසංගයට අතගහන්නේ ‘රු රෑ’ ප්‍රසංගයේ වැඩකටයුතු ඉවර වුණාට පස්සේ තමයි. අපේ රටේ විතරක් නෙවේ පැරැණි හින්දි චිත්‍රපට ගීතත් මේ ප්‍රසංගයට ඇතුළත්. අපේ රටේ දක්‍ෂ පිරිසක් ඉන්නවා. ඔවුන්ට ශක්තියක් වෙන්නයි අපට ඕනා.
ජනප්‍රිය තලයේ ටෙලිනාට්‍යවලට ජීවය දුන් ඔබ ඇයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවන්නේ?
කිසිම හේතුවක් නිසා නෙවේ බජට් ප්‍රශ්න තමා. හොඳ නිර්මාණයක් නම් මම නිකම් ගිහින් රඟපාල හරි එනවා. ඒත් අඩු මුදලට මම රඟපාන්න කැමැති නැහැ. නැතුව නිර්මාණ ප්‍රතික්‍ෂේප කිරීමක් කරලා නැහැ. මාස කිහිපයකින් වැඩ කළේ නැහැ. පසුගිය දවස්වල ‘හිරු’ ටෙලි චිත්‍රපටයක වැඩ කළා පමණයි.
‘වසූදා’ ටෙලිනාට්‍යයේත් ඔබ වෙනස්ම පැතිකඩකට රැගෙන ගියා. අදටත් ඔබව ප්‍රේක්‍ෂකයන් වැලැඳ ගන්නේ ඒ විදියටද?
‘වසුදා’ ඒ කාලේ ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යයක්. ඒ කාලේ හිටිය වැඩිහිටි පිරිස, තරුණ පිරිස ‘වසුදා’ විතරක් නෙවේ ‘චාතුර්්‍යයා’ ටෙලිනාට්‍යයත් වැලැඳ ගත්තා. ඒ ලැබුණු ජනප්‍රියතාවත් එක්ක ප්‍රේක්‍ෂකයන් හිතුවේ මම නපුරු කෙනෙක් කියලා. මම නපුරු චරිතයක් කරපු පළමු අවස්ථාව තමයි ඒ.
ඔබව ‘වසුදා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ කරගන්න එපා කියලා ඔබේම සහෝදර ශිල්පීන් කටකතාවක් ගොතපු හැටි මතකද?
මොකද නැත්තේ. ගොඩදෙනෙක් කියලා තිබුණා මාව ඒ චරිතයට සම්බන්ධ කරගන්න එපා කියලා. මොකද මම නපුරු චරිත කරලා නැති නිසා කරන්න බැරි වෙයි කියලා. මම ‘වසුදා’ ටෙලිනාට්‍යයට කලින් මම හැම නිර්මාණයකම රඟපෑවේ අහිංසක චරිත තමයි.
‘වසුදා’ ටෙලිනාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා කාලය ගෙවන කාලවකවානුවේ ජීවිතයත්, මරණයත් අතර සටන් කරපු දවසකුත් තිබුණා නේද?
ඒ දවස මතක් වෙද්දි අදටත් මම ඉන්නවා නේද කියලා පුදුම හිතෙනවා. එදා සිද්ධ වුණු ඒ අනතුර වෙලාවේ මම නම් හිතුවේ ඒ වෙලේම මැරෙයි කියලා. අඩි 20ක් විතර පහළට වාහනය පෙරැළෙද්දි කොහොමද ඉතින්. ඒ දවස කවදාවත් එදා වාහනයේ හිටිය අයට අමතක වෙන්නැති වෙයි.
අක්කාගේ කැමැත්ත ගන්න ඇවිත් අවසානයේ ‘දේදුන්නේ සමනලියක්’ නිසා ලක්ෂිකාට පාරක් හැදුණු හැටි මතකද?
මගේ හිත රඟපාන්න කිසිම ආශාවක් තිබුණේ නැහැ. අපේ පවුල කලා පවුලක්. ඒ ආභාෂය මටත් පිහිටන්න ඇති. මගේ අක්කාත් ඒ කාලේ චිත්‍රපටවල රඟපානවා. මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට බෙනට් ජයතුංග අපේ අක්කාව බලන්න ඇවිත් හිටියා. ඉතින් මාව දැකල මගෙන් ඇහුවා රඟපාන්න කැමැතිද කියලා. මම ඔය කාලේ ඉස්කෝලේ විවිධ ප්‍රසංගවල රඟපාලා, නටලා තිබුණා. පස්සේ ඉතින් ඔහු මාව යසපාල නානායක්කාරට හඳුන්වලා දුන්නා. ඒ හරහා තමයි ‘දේදුන්නේ සමනලියක්’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. දැන් අක්කා රඟපාන්නේ නැහැ මම රඟපානවා.
දැන් ඉතින් අම්මයි, දුවයි එකට රඟපානවා නේද?
මගේ දුව පොඩි කාළේ ඉඳලා රඟපානවා. මම එක්ක ටෙලිනාට්‍ය ගොඩක රඟපෑව. ඒත් දුව දැන් රඟපාන්නේ නැහැ. දුවගේ අධ්‍යාපන කටයුතු නිසා. මේ ළඟදිත් දුවට ටෙලිනාට්‍යයකින් ආරාධනා කළා.
ලක්ෂිකා ජ්‍යොතිෂ විශ්වාස කරනවාද?
ජ්‍යොතිෂය මම විශ්වාස කරනවා ඉලක්කම්වලින්
හදලා කියන පලාපලවලට. හැබැයි දැන් ගොඩදෙනෙක් කරන්නේ රැවටීමක්. මට අපලයි කිය කියා මම හිත්නනේ නැහැ.
ලක්ෂිකා ජීවිතයෙන් කොටසක් සතුන් වෙනුවෙන් වෙන්කරලා නේද?
අම්මේ ඔව්. මම සතුන්ට ගොඩාක් ආදරෙයි. මගේ ගෙදර ඉන්න සුරතලුන්ට කතා කරන්න විතරයි බැරි. අනෙක් හැම දෙයක්ම අපට වගේ හොඳට තේරෙනවා.
ලක්ෂිකා ෂූටිං ගියාම සෙට් එකේ අයට කටට රහට උයලා දෙන්නත් කැමැතියි කියන්නේ ඇත්තද?
මම ඉතින් ෂූටින් ගියාම මගේ ගෙදර දෙවැනි තැන එතැන තමයි. හරිම විනෝදයෙන්, සුහදව කාලය ගතකරන්නේ. මම ‘සත්සර’ රංගන ටෙලිනාට්‍ය රඟපාන කාලෙත් මුළු කණ්ඩායමට කොළ කැඳ හදාගෙන යනවා. තේ හදන මල්ලිට උදවු වෙලා මමත් තේ හදනවා. එහෙම කාලය ගෙවද්දි හරිම සුන්දරයි. මම විශේෂ කෑමක් ගෙදර හැදුවොත් ඉතින් මුළු සෙට් එකටම තමයි හදාගෙන යන්නේ.
ඉදිරි නිර්මාණ වැඩකටයුතු කොහොමද ඔබගේ?
ප්‍රසංග, දෙරණ වැඩකටයුතුවලට අමතරව ලක්හඬ ගුවන් විදුලියේ අලුත් ගුවන්විදුලි නාට්‍යයක හඬ කැවීමකට ආරාධනාවක් ලැබුණා. එයට අමතරව අජිත් පී. ධර්මසූරියගේ ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්ථාවක් ලැබුණා. ඔය වැඩකටයුතු එක්ක තමයි කාලය ගතවෙන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රුවන්වැලි මහා සෑයේ ධතු ගර්භයට ගිය එකම රජතුමා

Next Post

ලංකා බැංකුවේ මහා කළමනාකාර ධුරයට ඩී.පී.කේ. ගුණසේකර මහතා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.