චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි (Yang Jiechi ) මහතා ඇතුළු චීන රජයේ ඉහළ පෙළ දූත පිරිස ඊයේ රාත්‍රියේ ලංකාවට පැමිණ ඇත.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නිරෝධායන කිරීමකින් තොරව මෙම පිරිස රටට ඇතුල්වීමය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ එම කණ්ඩායම චීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් වන බැවින් නිරෝධායන කටයුතු සිදු නොකරන බවත්, එම පිරිස චීනයේදී මෙන්ම ලංකාවේදීද පීසීආර් පරීක්ෂණ පමණක් සිදු කරන බවත්ය.
චීන රජයේ උසස් තනතුරු රැසක් හොබවන 26 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්මෙම පිරිසට අයත් අතර , දෙදින නිල සංචාරයක් සදහා මෙම පිරිස පැමිණ සිටියහ.
මෙම දූත පිරිස රැගත් චීනයේ බෙයිජිං ගුවන් සේවයට අයත් බී.ජේ.එන්.- 099 දරන විශේෂ ගුවන් යානය රාත්‍රී 7.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ.
මෙම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පමණක් විශේෂ සාකච්ජාවකට සහභාගී වීමට නියමිතය.











